ඒඩ්ස් රෝගීන්ගේ මරණ ලියාපදිංචියේදී අලුත් ප්‍රශ්නයක්

186

ඒඩ්ස් රෝගය වැළඳීමෙන් මියයන පුද්ගලයන්ගේ මරණ සහතිකය ලියන විට මරණයට හේතුව ඒඩ්ස් රෝගය බව නොලියා වෙනත් රෝගයක් සඳහන් කරන්නැයි එම ඥාතීන් ඉල්ලා සිටින බවත් මෙම නිසා තමන් ඇතුළු කාර්ය මණ්ඩලය අසරණභාවයට පත්වන බවත් කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‍ෂිකා ඉරේෂා දේශානි සමරවීර මහත්මිය “දිවයින”ට පැවසුවාය.

එම ඥාතීන් විසින් මරණයට හේතුව ලිවිය යුතු හිදැසේ වෙනත් ආදේශක රෝගයක් සටහන් කරන ලෙසට ඉල්ලා සිටියත් එම ඉල්ලීම්වලට මානුෂීයව හෝ එකඟවීමට නොහැකි බව ද ඇය කියා සිටියාය.

මියගිය අයකුගේ මරණ සහතිකයේ මරණයට අධිකරණ හේතුව තීරයේ ඒඩ්ස් රෝගී තත්ත්වය සටහන් කිරීම තුළින් මියගිය අයගේ දරුවන්ගේ උපතේ සිට මරණය දක්වා වූ සියලු කටයුතුවලට එම සටහන දැඩි ලෙස බලපාන බැවින් මානුෂීය හේතු සලකා බලා ඔවුන්ට සහනයක් සපයන ලෙස ද ඥාතීන් නිරන්තරයෙන්ම ආයාචනා කරන බව ද ඇය කීවාය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment