ඒ 4 පැකට් එක රු. 2800 යි: ෆොටෝ කොපි ගාස්තු දරාගන්න බෑ!

300

ඒ 4 එක පැත්තක් රු. 10 දෙපැත්ත රු. 15 යි: පාසල් දරුවන්ගෙන් චෝදනා

ඡායා පිටපත් (Photo Copy) ගාස්තු දරාගත නොහැකි ලෙස ඉහළ දමා තිබීම තුළින් තමන්ගේ පාසල් අධ්‍යාපන කටයුතුවලට තවත් අධික බරක් වැටී ඇතැයි පාසල් දරුවෝ පවසා සිටිති.

පෙර පාසල් දරුවාගේ උප්පැන්න සහතිකයේ සිට විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ උපාධි සහතිකය දක්වා වූ අධ්‍යාපන කටයුතුවලදී ඡායා පිටපත් කිරීම වර්තමානයේ අත්‍යවශ්‍ය අංගයක් වී ඇති අතර සෙසු සැමටත් නැතිවම බැරි කාරණයක් වී තිබේ. ඒ 4 ප්‍රමාණයේ එක පැත්තක් රු. 3.00 සිට 10.00 දක්වාත්, දෙපැත්ත රු. 5.00 සිට 15 දක්වාත් වැඩිකර ඇත. ඒ 3 ප්‍රමාණය එක පැත්තක් රු. 10 සිට 25 දක්වාත්, දෙපැත්ත රු. 15 සිට 30 දක්වාත් වැඩිකර ඇත.

මේ සම්බන්ධයෙන් බදුල්ලේ වෙළෙඳුන් පවසන්නේ පිටපත් 500 ක් අඩංගු ඒ 4 ප්‍රමාණයේ කඩදාසි පැකට් එකක මිල රු. 2800 දක්වාත්, ඒ 3 ප්‍රමාණය රු. 3200 දක්වාත් මිල ඉහළ ගොස් ඇති හෙයින් තීන්ත සහ විදුලිය ආදිය සඳහා යන වියදම සමග ප්‍රමාණවත් ලාභයක් මෙමගින් නොලැබෙන බවයි.

බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment