ඓතිහාසික අවස්ථාව මග නොහරින්න – කාදිනල්තුමා ඉල්ලයි

321

මේ තීරණාත්මක මොහොතේ තවදුරටත් දේශපාලන බල ව්‍යාපෘති සහ ඒවා ජයගැනීමට කෙරෙන මන්ත්‍රීවරුන් මිලදී ගැනීම වැනි ක්‍රියාවලට හසුනොවී මාතෘභූමිය සහ ජනතාවගේ අපේක්‍ෂා සාක්ෂාත් කළහැකි දූෂණයෙන් තොර නායකයකු පත්කර ගැනීමට වාසනාවන්ත ඓතිහාසික අවස්ථාව අතපසු නොකරන ලෙස සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව මැල්කම් රංජිත් කාදිනල් කොළඹ

අගරදතුමෝ ඊයේ (18දා) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියහ.

අසීමිත බලතල දරා සිටි ජනාධිපතිවරයාත්, තුනෙන් දෙකක බහුතර බලයකින් පත්වූ පොදුජන පෙරමුණ රජයත් බලයෙන් පහ කළේ රටේ ජනතාව විඳින බරපතළ පීඩනයන්ට හා වගකිවයුත්තේ හිටපු ජනාධිපතිවරයා සහ රජය බව ජනතාව අවබෝධ කරගත් නිසා බවද අගරදතුමෝ සඳහන් කළහ. ගාලු මුවදොර අරගල භූමියට මහජනතාව ලක්‍ෂ  ගණනින් පැමිණ අරගල කළේ රට තුළ වූ දූෂිත දේශපාලන සංස්කෘතියේ වෙනසක් කිරීමට බව අමතක නොකළ යුතු බවද අගරදතුමෝ කීහ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment