ඓතිහාසික කුරුන්දි විහාරයේ සර්වඥ ධාතූන් වැඩම කිරීමේ පිංකමට දෙමළ සන්ධානයෙන් බාධා

844

විහාරස්ථානයේ සර්වඥ ධාතූන් වැඩමකරවීමේ පිංකමට සහභාගී වු පිරිසට හා එම පිංකමට දෙමළ දේශපාලන නියෝජිතයන් විරෝධතා දැක්වු අයුරු ඡායාරූපයේ දැක්වේ.

 මුලතිව් දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික කුරුන්දි විහාරයේ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවීමේ පින්කම ඉකුත් 12 දා පැවැත්වීමට සැළසුම් කොට තිබියදී මුලතිව් දිස්ත්‍රික්කයේ දෙමළ ජාතික සංධාන දේශපාලන නියෝජිතයින් ඇතුළු ඔවුන්ගේ ආධාරකරුවන් පිරිසක් ඊට කඩා වැදී අදාළ පිංකම නවතා දමන ලෙසට විරෝධය පළ කොට තිබේ.

ඓතිහාසික කුරුන්දි විහාරයේ සර්වඥ ධාතූන් වැඩම කිරීමේ පිංකමට දෙමළ සන්ධානයෙන් බාධා

ඒ අනුව දෙමළ ජාතික සංධානයේ මුලතිව් දිස්ත්‍රික් හිටපු පළාත් සභා මන්ත්‍රී ටී. රවිහරන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් විසින් මෙම විරෝධතාව මෙහෙයවා තිබේ. එහිදී ඔවුන් කුරුන්දි විහාරය විහාරස්ථානයක් නොව තම නිජභූමියේ පවතින කෝවිලක් බවටත් එහි බෞද්ධ ආගමික වතාවත් සිදු කිරීම හෝ පුද පූජා පැවැත්වීමට තමන් දැඩි ලෙස විරුද්ධ බවටත් මෙහිදී දෙමළ ජාතික සංධාන දේශපාලන නියෝජිතයන් හා ඔවුන්ගේ ආධාරකරුවන් විරෝධතාව පළ කරමින් ප්‍රකාශ කොට තිබේ.

 මෙම අවස්ථාව දැඩි උණුසුම් වූ අතර පවතින තත්වය අනුව අදාළ පිංකම නවත්වා දැමීමට භික්ෂුන් වහන්සේලා ඇතුළු බෞද්ධ බැතිමතුන්ට සිදූවූ බව එම විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය ගල්ගමුවේ ශාන්තබෝධි හිමියන් පවසා සිටියහ.

 එම හිමියන් පවසා සිටියේ එෛතිහාසික කුරුන්දි අට්ඨ කථා ලියැවුනු බවට සැලකෙන කුරුන්දි විහාරයට මෙවන් ඉරණමක් අත්වීම ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන නිලධාරීන්ගේ අවධානයට යොමුවී මෙරට ඇති එකම කබොක් ගලින් නිමවු පද්මාකාර චෛත්‍ය සහිත මෙම බොදු එෛතිහාසික උරුමය රැක ගැනීමට ඔවුන්ගේ අවධානය යොමු වේවායි යනුවෙනි

 මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment