ඓතිහාසික ජූලි 21 අදයි

379

අද දිනය ජුලි මාසයේ 21 වැනි දිනයි. අද දිනය ලොව සුවිශේෂි සිදුවීම් කීපයක් සිදු වූ දිනකි. ලොව ප්‍රථම අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එම තනතුරට පත්වූයේ 1960 ජුලි 21 දිනයේය. 04-පිටුවට

එලෙසම ඇමරිකානු ජාතික නීල් ආම්ස්ට්‍රෝං සඳ මහත පා තැබූ ප්‍රථම මිනිසා ලෙසට ඉතිහාසයට එක්වූයේ ද අද වැනි දිනකය. ඔහු සඳ මත පා තැබුවේ 1969 ජුලි 21 වැනිදාය. එලෙසම දිවංගත ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා 1977 ජුලි මස 21 වැනිදා පැවැති පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී 5/6 ක ජනවරමක් හිමිකරගෙන අගමැති ධුරයට පත් විය.

එලෙසම ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසයේ ජනාධිපතිවරයකු සිය නිල කාලය සම්පූර්ණ වීමට පෙර සිය ධුරයෙන් ඉල්ලා අස්වී, ඒ සඳහා ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රහස් ඡන්දයෙන් ඊයේ (20දා) පත් වූ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අද (21දා) පෙරවරුවේ සිය තනතුරේ දිවුරුම් දීමට නියමිතය.

ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment