ඔක්කොම කඩ වැහුවත් සතොස – සමූපෙ රෙඩි – සහන මල්ලක් සති දෙකෙන් ගෙදරටම

844

‘‘රටේම කඩ සාප්පු සියල්ල වසා දැමුවත් රට පුරා සතොස හා සමුපකාර සියල්ල ජනතාව වෙනුවෙන් විවෘත කරලා තබනවා’’ යැයි වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (18 දා) පැවසීය.

පිටකොටුව වියළි ආහාර තොග වෙළෙඳසල් ඊයේ (18 දා) විවෘත කර තිබූ අතර ඒ පිිළිබඳව සොයා බැලීමට ඇමැතිවරයා නිරීක්‍ෂණ චාරිකාවක නිරතවූ අවස්ථාවේ මාධ්‍ය අමතා එසේ කීය.

එහිදී ඔහු මෙසේද පැවසීය.

එක පාර්ශ්වයක් කෑගහනවා මුළු රටම සම්පූර්ණයෙන්ම වහන්න කියලා. ඒක ජනාධිපතිතුමාට එක දවසකදී විනාඩි කිහිපයකදී ගන්න පුළුවන් තීරණයක්. හැබැයි ආණ්ඩුවක් විදිහට අපි කල්පනා කරන්න ඕනෙ කොරෝනා නොවැළඳුණු කෝටි ප‍්‍රකෝටි සංඛ්‍යාත ජනතාවක් ජීවත්කරවන්නේ කොහොමද කියලා. ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම ආහාර අවශ්‍යයි. ආනයන ක‍්‍රියාවලිය නතර කළොත්, වරාය වැහුවොත් මේ භාණ්ඩ ගෙනාපු ඒවා වරායේ හිරවෙනවා. එතකොට වෙළෙඳ පොළේ භාණ්ඩ නැතිවෙනවා. භාණ්ඩ මිල අසාමාන්‍ය ලෙස ඉහළ යනවා. එතකොට මේ බඩගින්න මන්දපෝෂණය කියන එක වැඩිවෙන එක නතර කරන්න නම් මේ අත්‍යවශ්‍ය සේවා අපි කැමැති වුණත් අකමැති වුණත් පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය වෙනවා. ලංකාවේම සියලූම නගරවල සිල්ලර වෙළෙඳසල් වැහුවත් කිසි ප‍්‍රශ්නයක් නැහැ, අත්‍යවශ්‍ය සේවාවන් ලෙස සලකලා සතොස හා සමුපකාර සේවා රට පුරා විවෘත කරලා තබනවා. ලබන බ‍්‍රහස්පතින්දා සිට මම බලාපොරොත්තු වෙනවා සතොස මගින් සති 2 ක් ගාස්තු අයකිරීමකින් තොරව ගෙදරටම ප‍්‍රවාහනය කරලා දෙන්න. කඩසාප්පු සියල්ලක්ම තමන් කැමැති නම් වැහුවට කමක් නැහැ. අපි අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑම සඳහා පිටකොටුව මොනම හේතුවක් නිසාවත් වහන්නේ නැහැ. රටක් ලොක්ඩවුන් කරන්න කරන්න හිර කරන්න, හිර කරන්න මිල වැඩි වෙන එක විඳගන්න වෙනවා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment