ඔක්කොම බහින්න…. කොළඹ… තානායම්පල්ලාගේ සටහන

654


පළාත් අතර සංචරණ සීමා ඔය කියන තරම් අවුලක් නෑ සර්… එක පළාතක් අවසාන වන බෝඩරේ ඉ`දලා ඊළ`ග පළාතට රට ඇතුළෙ ෂෝට් කට් වලින් මගීන් ඇරලවන්න දැන් හැම පළාතකම වගේ විශේෂ ත‍්‍රී වීල් සේවාවන් තියෙනවා… ඒ නිසා පළාත් සීමාවෙදි බස් එකෙන් බැස්සුවත් බය වෙන්න එපා… අර පිටරටවල දේශ සීමාවලින් පන්නන සෙට් වගේ ලෝ්කල් ත‍්‍රී වීල් සෙට් දැන් හැම පළාතකම ඉන්නවා…

 මා රැුගත් බස් රිය ගාලූ පාර ඔස්සේ කොළඹ දෙසට හැල්මේ ධාවනය වන්නේ පවනට බ`දු වේගයෙනි.

 රුපියල් දහයේ කිලිටි මුව ආවරණය නාස් පුඩුවලින් පහළට රූරා වැටී තිබූ යාබද අසුනේ සිටි මැදිවියේ මගියා මා හා සල්ලාපයේ යෙදෙමින් අනතුරු අ`ගවන්නේ දකුණු පළාතෙන් බස්නාහිර පළාතට මාරු වන ස්ථානයේ දී පත්විය හැකි අපහසුතාවය ගැනය.

 මම උඩ සාක්කුවේ තිබූ ජංගම දුරකථනය අතට ගතිමි. දුම්රිය මගියෙක් ගමනාන්තය තෙක් ප‍්‍රවේශපත‍්‍රය නිරුපද්‍රිත දැයි නිතර විමසා බලන්නේ යම් සේද” මා ජංගම දුරකථනය අතට ගෙන එහි ජී. මේල් සක‍්‍රීය කර එහි වූ යම් පණිවුඩයක් නිතර විමසා බලන්නේ අප තානායම් මෙහෙයුම් අංශයෙන් මා හට ප‍්‍රධාන කාර්යාලයට පැමිණෙන ලෙස එවා ඇති ඊමේල් පණිවුඩය නිරුපද්‍රිත දැයි කියාය.

 එබ`දු කැ`දවුම් ලිපියක් අත තිබීම පළාත් සීමා පසුකිරීමට ඉතා වැදගත් ය.

 මා ගමන් ගන්නා බස්රථය දැන් හිරවී නතරවී සිටින්නේ මීටරයේ පරතරයට අනුගතව” ගිනි අව්වේ පාරිභෝගිකයන් පෝලිම් ගැසී සිටගෙන සිටිනා බැංකු ශාඛාවක් අසලය.

 ‘‘…දැක්කා නේද සර්… කොහොමද වෙනස?… ඉතින් කෝම කියන්නද මිනිස්සු ගාව සල්ලි නෑ කියලා… රටට ඩොලර් නැති වුණාට මිනිස්සු ගාව රුපියල් තියෙනවා සර්…..

 ‘‘…කොහොමද ඒ… මොකද්ද ඒකට හේතුව?….

 මා එසේ ප‍්‍රශ්ණ කරන්නේ බැංකුව ඉදිරියේ ඇති මිනිස් පෝළිම දෙස බලාගෙනය.

 ‘‘…මෙහෙමනේ සර්… ඉස්කෝල නැත්නම්..” දරුවන්ගෙ වෑන් ෆීස්” කැන්ටින් ෆීස්” පන්ති ගාස්තු නැත්නම්…” මගුල් ගෙවල්… මළ ගෙවල්… දානෙ ගෙවල් නැත්නම්… මිනිස්සුන්ගෙ වියදම් පැත්ත බාගෙට බාගයක් ඉතිරියිනේ සර්. ඒක වෙන්නැති…

 අර කීමකුත් තියෙනවානේ අපේ වරිගෙ නැහෙන්නෙ මගුලූයි මරණයි දානෙ ගෙවලූයි නිසාය කියලා…..

 යාබද අසුනේ මගියා එසේ පවසන්නේ මගෙන් පිළිතුරක් බලා පොරොත්තුවෙන් විය යුතුය. එහෙත් මා සෙල් පිළිමයක් සේ ඉදිරිය බලා සිටින්නේ නෑසු කන් ඇතිව නොදෙඩූ මුව ඇතිවය.

 මේ තකහනියේ මා හට මෙසේ බස් රථයක නැගී කොළඹ යෑමට සිදුව ඇත්තේ තානායම් සේවයේ එකට වාසය කිරීමේ දී ඇති වූ සේවක පාලක මිතුරු බැ`දීමක් නිසාය.

 සාමාන්‍ය ආයතනවල සේවකයන් හා පාලකයන් උදෑසන සේවයට පැමිණ සේවය නිමවා සවසට නිවෙස් බලා යන නිසාවෙන් ඔවුන්ගේ දෛනික දිවියේ අනිවාර්ය ඛණ්ඩනයක් සිදුවෙයි.

 එහෙත් හෝටල් තානායම් ක්‍ෂේත‍්‍රයේ උදෑසන රාජකාරිය අරඹන තානායම් සේවකයා සහ පාලකයා දෛනික රාජකාරියෙන් පසුව දවසේ සුලූ විවේකය ගත කරන්නේත්” සේවය නිමකර රාත‍්‍රිය ගත කරන්නේත් පසුවදා යළි සේවය අරඹන්නේත් ආයතනය තුළ සිටම ය.

 එබැවින් අනිකුත් ආයතන වලට වඩා වැඩි පාලක සේවක සබ`දතාවක් තානායම් ක්‍ෂේත‍්‍රයේ දකින්නට ඇත්තේ ඒ නිසාය.

 එමෙන්ම” මා අද මෙසේ කොළඹ බලා ගමන් කරන්නේ දිගු කලක් කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබා දැනට නිවසේ ප‍්‍රතිකාර ලබනා තානායම් සේවකයකුගේ සුවදුක් බැලීමටය.

 වේටර් කමල් එම සේවකයා ය.

 අනපේක්‍ෂිත අයුරින් වැඩ තහනමකට ලක්වූ වේටර් කමල් තානායම් රැුකියාවට සමුදී තම නිවසේ කාමරයක විදේශිකයන් නතර කරගැනීමේ ස්වයං රැකියාවට යොමුවූයේ වසර අග නැකැත් නැති කෝණ මාසය ලබන්නට පෙර යොදාගත් සුබ නැකතක හා පුරා කියා සුද්දෙකු නිවසේ නතර කිරීමට රෙජිස්ටරයේ නම ලියාගෙනය.

 පොඩි දරුවකු සෙල්ලම් ගෙයක් දමා ලබනා සන්තෝසයෙන් සිය ගෘහ කර්මාන්තය ආරම්භ කළ කමල්ගේ නිවසේ එම විදේශිකයා නතරවී තුන්වන හෝ හතර වන දිනයේ උදෑසන මිදුල අතුගාමින් සිටි කමල්ගේ බිරි`ද දුටුවේ අමුතු දසුනකි.

 කමල්ගේ නිවස පිහිටි ඉඩමට ඇතුළු වන ගේට්ටුවෙන් මිදුලට දමා තිබූ මොනවාදෝ මන්ත‍්‍රයක් ලියූ සුරයක බහාලිය හැකි තරමේ තුනී තඹ තහඩුවක්” කුකුල් පිහාටු දෙක තුනක්” මල් වර්ග කීපයක්” සහ බි`දුණු බිත්තරයක දෙබෑ කටු දෙකක් සමග බුලත් කොල කිහිපයක් එහි විසිරී තිබුණි.

 .‘…. අපි ටුවරිසම් කරනවට ඉරිසියාවෙ කවුදෝ කොඩිවිනයක් කරලා…..

 කමල් ගේ බිරි`ද කෑ ගැසුවේ ආවේගයෙනි.

 ‘‘…දෙකක් නෑ අල්ලපු ගෙදර එවුන් වෙන්න ඇති…..

 කමල් ගුගුලේය.

 තානායම් අත්දැකීම් මිස සමාජ අත්දැකීම් වලින් අපොහොසත් කමල් බිරි`දගේ උසිගැන්වීම පමණක් එකම ශක්තිය ලෙස රැුගෙන කුරු`දුපොල්ලක් පමණක් අතැතිව සැකකාර අල්ලපු ගෙදරට වැට පැන්නේ කලූසුදු චිත‍්‍රපටියක වීරයකු සේය.

 ‘‘…අඩෝ…..

 එහෙත් ප‍්‍රහාරය යනු දකිනා තරම් සරල ක‍්‍රියාවක් නොවේ.

 අමෝරා ඉදිරියට ආ යාබද නිවසේ බඩ තඩි මිනිසා වෙත කමල් හට හෙලන්නට හැකි වූයේ කුරු`දු පොලූ පහරවල් එකක් දෙකක් හෝ උපරිම තුනක් පමණය.

 කමල් අතැති කුරු`දු පොලූ මුගුර එසැණින් ප‍්‍රතිවාදියා අතට පත්විය.

 ඔහු ඉදිරියේ නිරායුධ ගොදුරක් බවට පත්වූ කමල් එතැන් පටන් තමා රැුගෙන ආ මුගුරෙන්ම බඩ තඩි ප‍්‍රතිවාදියාගෙන් පහරකෑවේ ඉතා අමානුශික ලෙසය.

 සිහිවිසඥ වූ කමල් නොමිලේ සේවා සපයන ගිලන් රථයක උඩුබැලිව නිවස පසුකර යන අයුරු නිවසේ හො`දම කාමරය විදේශිකයාට බදුදී පිළිකන්නට වැටුණු කමල්ගේ බිරිය සහ නැන්දම්මා බලා සිටියේ හද කකියවන වේදනාවෙනි.

 මම මේ සුවදුක් බැලීමට යන්නේ ඒ කමල්ගේ ය.

 කමල් එම තත්ත්වයට ඇද වැටෙන්නේ තානායමේදී ඔහුට සිදුවූ බරපතළ අකරතැබ්බයක් නිසාය.

 කොරෝනා සමයට පෙර තානායමේ කාමරයක ලැගුම් ගත් විදේශිකයකු සන්තකයේ තිබී අස්ථාන ගතවූ ‘ටැබ්ලට්. එකක් තමාගේ පුද්ගලික ලොකර් එකේ තිබී හමුවීමෙන් වේටර් කමල් වැඩ තහනමට ලක් වන්නේ ඉතා කණගාටුදායක ලෙසය.

 එම විදේශිකයා බීමතින් ඔහේ විසිකර දමා ගිය එම පරිගණක ටැබ් උපකරණය කමල්ට හමුවූයේ ඔහු බීර පානය කරමින් සිටි උද්‍යාන බංකුව අසල තිබූ විශාල මල් පෝච්චිය තුළට වැටී තිබියදීය.

 කමල් එය රැුගෙන විත් තම පුද්ගලික ලොකරයේ අරක්‍ෂිතව තැබීමට ක‍්‍රියා කළේ එය චංවා කිරීමේ අදහසින් නොවේ.

 හෙම්බත් වන තුරු එය සෙවීමට විදේශිකයා වෙහෙස කරවා අවසානයේ සප‍්‍ර‍්‍රයිස් එකක් හෙවත් විමතියක් සමග එය විදේශිකයා හටම ලබා දීමට බව දැන සිටියේ කමල්ගේ හෘදය සාක්‍ෂිය පමණය.

 එහෙත් තානායම තුළ ක‍්‍රියාත්මක හිත් පිත් නැති සී.සී.ටී.වී. කැමරා පද්ධතිය සටහන් කරගෙන තිබෙන්නේ කමල් විදේශිකයාගේ ටැබ්ලට් උපකරණය උද්‍යාන මල්පෝච්චියක් තුළින් පිටතට ගෙන ? අ`දුරේම එය රැුගෙන තමාගේ පුද්ගලික ලොකරය පිහිටි සේවක විවේකාගාරය දෙසට ඇවිද එන අයුරුය.

 විදේශිකයාගේ ටැබ්ලට් එක තම ලොකරයේ ආරක්‍ෂිතව තැබූ කමල් හට හදිසියේම එක් දිනකට ගෙදර යාමට සිදුවූයේ තම දූ සි`ගිත්තියගේ තුන්වන උපන් දිනය එදිනට යෙදී තිබූ නිසාය.

 ඒ අතරේ සති දෙකකට තානායමේ කාමරය ඇනවුම් කොට සිටි විදේශිකයා ද සිය සැලසුම වෙනස් කොට හදිසියේ තානායමෙන් පිටව යෑමට තීරණය කළේ්ය.

 විදේශිකයා තානායමෙන් පිටත්වීමට පෙර තම ටැබ්ලට් පරිගණකය සොයා ඔහු ලැගුම් ගෙන සිටි තානායම් කාමරය පෙරළන්නට වූයේ ඉන් අනතුරුවය.

 ‘‘…ඇත්තටම දුවගෙ බර්ත්ඬේ එකටද මේ හදිසියේ කමල් නිවාඩු ගියේ… මිනිහගෙ ෆෝන් එකත් වැඩ නෑ. කරන්න දෙයක් නෑ… සී.සී.ටී.වී. චෙක් කරමු…..

 කාර්ය මණ්ඩලයේ ඒකමතික තීරණයට හිස නමන්නට සිදුවූ මම සී.සී.ටී.වී. ඩෙකෝඩරය ඉදිරියේ අසරණව බලා සිටියා.

 ‘‘…වහාම ක‍්‍රියාත්මක වන පරිදි සේවය අත්හිටුවීමයි…..

 චිරි චිරීස් හ`ඩින් ප‍්‍රින්ටරයෙන් පෙරී එන ඊ මේල් පණිවුඩයේ උධෘතය රැගත් ඒ ෆෝ කඩදාසිය මගේ මුවගට සුසුමක් ගෙනාවා.

 දුර දිග නොබලා සුද්දාට සර්ප‍්‍රයිස් දීමට ගිය කමල් හොරෙකු ලෙස හංවඩු ගැසුණේ නිකම්ම නොවේ. සිද්ධිය විමර්ශණයට පැමිණි ප‍්‍රධාන කාර්යාලයේ නිලධාරීන් හට කමල්ගේ විරුද්ධවාදී සේවකයන් විසින් සැපයූ රහසිගත ඔත්තු සත්‍යය අභිබවා හිස එසවූ නිසාය.

 ‘‘…කොළඹ බහින්න කොළඹ… බැස්ටියන් මාවත යන්නෑ… සේරම මෙතනින් බහින්න…..

 මං දඩිබිඩියට පියවි ලෝකෙට ආවා.



 රන්ජන් ගාමිණී ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment