ඔක්කොම යනවනම් මාත් කැමතියි

482

ආණ්ඩුවට එක්වීමට තමන්ගේ පෞද්ගලික අදහසක් නැතත් කණ්ඩායමක් වශයෙන් තීන්දුවක් ගන්නේ නම් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයනු ලබන වැඩපිළිවෙළට සහාය දැක්විය හැකි බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ සඳහා ජනාධිපතිවරයා සියලු පක්‍ෂවලට ආරාධනා කළ යුතු බවත් එම ආරාධනාව පක්‍ෂ නායකයන් පිළිනොගන්නේ නම් එහි දී තමාට හෝ තමා ද නියෝජනය කරනු ලබන කණ්ඩායමකට ඒ පිළිබඳ තීරණයක් ගත හැකි බවත් හෙතෙම පැවසීය.

දීර්ඝ කාලයක් තිස්සේ දේශපාලනයේ නිරතවන තමන්ට දේශපාලන චින්තනයක් ඇති බවත් ඒ අනුව තීන්දු ගැනීමට ආත්ම ශක්තියක් ඇති බවත් ඔහු කීවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කරනුයේ තමන්ට ද තම පක්‍ෂයේ කණ්ඩායමට පිළිගත හැකි වැඩපිළවෙළක් බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment