ඔක්ටේන් 95 පෙට්‍රල් ඉවරයි

497

දිවයින පුරා පිහිටි සිපෙට්කෝ ඉන්ධනහල්වල ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් අවසන් වී ඇත.

සංස්ථාව සතුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් නොමැති බවත් දැනට මෙරට මුහුදු සීමාවට පැමිණ ඇති පෙට්‍රල් මෙටි්‍රක් ටොන් තිස්හත්දහසක් රැගත් නැවේ ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ඇතත් එම නැව මුදල් ගෙවා මෙතෙක් ලබාගැනීමට නොහැකිවී ඇති බවත් ඛනිජ තෙල් සංස්ථා උසස් නිලධාරියෙක් පැවැසීය.

මේ වනවිට බොරතෙල් මෙටි්‍රක් ටොන් හැත්තෑදහසක් පමණ අඩංගු නැවක්ද මෙරට මුහුදු සීමාවේ නැංගුරම්ලා ඇති අතර එම නැවෙන්ද ඉන්ධන මිලදී ගැනීම සඳහා ඩොලර් නැතිකම හේතුවී ඇතැයිද ඔහු කීය. මැයි 04 වැනිදා පෙට්‍රල් නැවක් පැමිණියත් එහිද ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන පමණක් පවතින බවද ඔහු කීය.

ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන කුමන දිනක රැගෙන එන්නේද යන්න නිශ්චිතව සඳහන් කළ නොහැකි බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment