ඔක්සිජන් ඕනෑ 959දෙනාටයි – වෛද්‍ය අන්වර් හම්දානි

479

කොවිඞ් ආසාදනය වී රෝහල් ගතව ප‍්‍රතිකාර ලබන රෝගීන් අතරින් ඔක්සිජන් ප‍්‍රතිකාර අවශ්‍ය කෙරෙන අසාධ්‍ය රෝගීන් ගණන 959 දක්වා ඊයේ (01 දා) වන විට පහත බැස ඇතැයි ‘කොවිඞ් 19’ සම්බන්ධීකාරක සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය.

ඔක්සිජන් ප‍්‍රතිකාර අවශ්‍ය රෝගීන් 1083දෙනකු සිටි බව පැවසූ ඒ මහතා ඉදිරියේ දී එය තවදුරටත් අඩු වනු ඇතැයි විශ්වාසය පළ කළ හැකි බව ද කීවේය.

නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් කොවිඞ් ආසාදිතයන් වාර්තාවීම ද ඉදිරි සතිවලදී සැලකිය යුතු ලෙස අඩු වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව ද ඒ මහතා පැවැසීය.

උපාලි ද සේරම්
 

advertistmentadvertistment
advertistmentadvertistment