ඔක්සිජන් රැගෙන ‘ශක්ති’ පිටත් වෙයි

275

කොවිඞ් රෝගීන්ගේ අවශ්‍යතාවය සඳහා ඔක්සිජන් රැුගෙන ඒමට ගිය නාවික හමුදාවේ ශක්ති නෞකාව ඔක්සිජන් තොගය රැුගෙන ඊයේ (20දා) අලූයම නැවත ශ‍්‍රී ලංකාව කරා ගමන් ආරම්භ කර තිබෙන බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.

නාවික හමුදාවේ ශක්ති නෞකාව ගෑස් තොග රැගෙන සඳුදා රාත‍්‍රී වන විට මෙරටට ළඟා වනු ඇතැයි ද ඒ මහතා කීය.

මීට අමතරව ඉන්දියන් නාවික හමුදාවට අයත් නාවික යාත‍්‍රාවක් ද ඔක්සිජන් තොගයක් රැුගෙන ශ‍්‍රී ලංකාවට පැමිණෙමින් තිබෙන අතර එම නෞකාව ඉරිදා රාත‍්‍රී වන විට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment