ඔක්සි මීටරයකට රු. 3000 ක උපරිම මිලක්!

97

ඔක්සි මීටර සඳහා වන උපරිම සිල්ලර මිල රුපියල් තුන්දහසක් කිරීමට ඖෂධ නිෂ්පාදන සැපයීම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

 මේ සඳහා වන ගැසට් පත‍්‍රය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත අතර ඔක්සිමීටර ගෙන්වීම සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන් හා අදාළ සන්නාම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වෙබ් අඩවිය ඔස්සේ ජනතාවට දැනුම් දීමට නියමිතය. වෙළෙඳ පොළේ අලෙවිය සඳහා තිබූ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ ප‍්‍රමිතියෙන් තොර ඔක්සි මීටර පන්දහස් දෙසීයක් පසුගිය දෙමසක කාලයේ දී අත්අඩංගුවට ගෙන අධිකරණ කටයුතු සඳහා යොමුකර තිබෙන බවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කළ දැනුම් දීම මත ඊට උපරිම සිල්ලර මිලක් නියම කිරීමට රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන පියවර ගෙන තිබේ.

පුද්ගලයකුගේ ශරීරයේ ඇති ඔක්සිජන් මට්ටම මැනීමට උපයෝගි කරගන්නා මෙම උපකරණවලට කොවිඞ් වසංගත තත්ත්වයත් සමඟ අධික ඉල්ලූමක් ඇති වීමත් සමඟ ප‍්‍රමිතියෙන් තොර නිෂ්පාදන වෙළෙඳ පොළට පැමිණ තිබෙන බවට ඖෂධ නියාමන අධිකාරිය මගින් අදාළ වැටලීම් සිදුකළ බවත් අඛණ්ඩව සිදුකළ වැටලීම් මගින් ඖෂධ අලෙවිසල්වල විකිණීමට තිබූ තවත් ඔක්සි මීටර 1700ක් අත්අඩංගුවට ගත් බවත් ඖෂධ නියාමන අධිකාරියේ ප‍්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක සහ නීති ක‍්‍රියාත්මක කිරීමේ අංශයේ අංශ ප‍්‍රධානි අමිත් පෙරේරා මහතා පවසයි.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment