ඔටිසම් රෝගයට අශ්වගන්ධයෙන් සහනය

734

ප‍්‍රශ්නය – ඔටිසම් රෝගය පිළිබඳ සාකච්ඡා කීපයක් අප ඔබ සමග පවත්වා තිබෙනවා. අද අප ඔබෙන් අපේක්ෂා කරනවා කිසියම් සිද්ධි අධ්‍යයනයක්.

 වෛද්‍ය ලීනා ඉලේපෙරුම – ඔටිසම් රෝගී දරුවකු ප‍්‍රාතිහාර්යජනක ලෙස සාමාන්‍ය ජීවිතයට පිවිසුණු ආකාරය ගැන පුවතක් ම ඔබට කියන්නම්. මෙය නවසීලන්තයේ ජීවත්වන ලාංකික මවක් පිළිබඳ පුවතක්. ඉතාම ලාබාල වියේදී විවාහ වූ මේ කාන්තාවගේ පළමුවන දරුවා ලැබෙන විට එම කාන්තාව විවාහ වී වසර විස්සක් සම්පූර්ණ වුණා විතරයි. දරුවා පිළිසිඳ ගෙන මාස කිහිපයකට පසු කළ ස්කෑන් පරීක්ෂණවලදී එළිවුණු පරිදි එම දරුවා ඔටිසම් රෝගියෙක්. එහිදී වෛද්‍යවරුන් මවට උපදෙස් දෙනවා දරුවා ගබ්සා කරන ලෙසට.

 එහෙත් විවාහයෙන් විසි අවුරුද්දකට පසු තමන්ට ලැබෙන දරුවා, ලබා ගන්නවා මිස ගබ්සා නොකිරීමට ඇය තීරණය කරනවා. දරු ප‍්‍රසූතියෙන් පසු ඇය වහාම නවසීලන්ත වෛද්‍යවරුන් වෙත යොමුවෙනවා. ඔවුන් තරයේම කියා සිටින්නේ දරුවා සුවපත් කිරීමට බැරි බවයි. ඒ අනුව ඇය දරුවාත් රැගෙන ලංකාවට එනවා. එම දරුවා පිළිබඳව ශ‍්‍රී ලාංකික වෛද්‍යවරුන්ට අත්දැකීමක් ලැබෙන්නේ ඒ අවස්ථාවේදීයි. දරුවාට මුඛ මාර්ගයෙන් ඖෂධ ලබා නොදෙන්නට ආයුර්වේද වෛද්‍යවරුන් තීරණය කරනවා. එයට හේතුව දරුවා තවමත් ළදරුවකු වන බැවින් ඔහුට කෂාය වර්ග පෙවීම නිෂ්ඵල නිසයි. මෙහිදී ආයුර්වේද වෛද්‍යවරුන් අශ්වගන්ධ තෛලය සහ මහා නාරායන තෛලය යොදා ගෙන දරුවාගේ ගෙල ප‍්‍රදේශය සම්බාහනය කරනවා.

පළමු වන මාස තුනේදී එතෙක් හිස කඩා වැටි සිටි දරුවා හිස කෙලින් කිරීමට උත්සහ කරනවා. ඒ වන විට දරුවාගේ වයස අවුරුද්දක් පමණ ඇති. දෙවන මාස තුනේදී දරුවා හිස ඔසවනවා. අද මේ දරුවාගේ වයස අවුරුදු දෙකයි. සුදුසු ප‍්‍රතිකාරයක් නොකෙරුණු ඔටිසම් දරුවකු සිටින තත්ත්වයට වඩා 70%ක් හොඳ තත්ත්වයෙන් අද මෙම දරුවා ඉන්නවා. ඔහු දෙමාපියන් කියන දේවල්වලට ඉතා සාර්ථකව ප‍්‍රතික‍්‍රියා දක්වනවා. එසේම සෙල්ලං කිරීමේදී සෙසු දරුවන් සමග එකතුවීම, තමන් සතු සෙල්ලං බඩු සෙස්සන් සමග බෙදා හදා ගැනීම සිදු කරනවා. දරුවාට නැවත ජීවිතය ලබා දීම සඳහා අශ්වගන්ධ තෛලය සහ මහා නාරායන තෛලය උපයෝගී වීම පිළිබඳ ඉතාම හොඳ සිද්ධි අධ්‍යනයක් ලෙස මෙය හඳුන්වාදිය හැකියි.

 ප‍්‍රශ්නය – මහා නාරායන තෛලය ගැන විස්තරයක් කරන්න

 වෛද්‍ය ලීනා ඉලේපෙරුම – මහා නාරායනය කියන්නේ වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති ඖෂධීය තෙලක්. මෙය අට අනූවක් රෝග සහ නව අනූවක් ව්‍යාධිවලට යෝග්‍ය සම්බාහන තෙල් වර්ගයක් ලෙස සැලකෙනවා. දශ මූල අරිෂ්ටයට පාදක වන ඖෂධීය මුල් වර්ග දහයක්, හාතාවාරිය, අශ්වගන්ධ, දුරු වර්ග, කොහොඹ, කහ, කරදමුංගු, කරාබුනැටි, වැල්මී, තුල්සි ඇතුළු ඖෂධ මෙහි අඩංගු වෙනවා. කාංසාව, විඩාව, හිසේ ඇම්ම, ප‍්‍රදාහය, පාකින්සන්, ඔටිසම්, ඩවුන්සින්ඩ්‍රෝම් යන රෝග සඳහා ප‍්‍රත්‍යක්ෂ සම්බාහන තෛල වර්ගයක්.

otsam2



 නොමිලේ විස්තර සඳහා
 0716646078

advertistmentadvertistment
advertistmentadvertistment