ඔන්ලයින් පන්ති යන්න ස්මාර්ට් දුරකතනයෙන් නැතිව වාරියපොල සිසුවෙක් සියදිවි හානිකරගෙන

269

* නොවන් යළිත් මෙවන් විපත් දෙමාපියනි දරුවන් ගැන විමසිල්ල වැඩි කරන්න – දරුවනි කලබලවී තීරණ ගන්න එපා

මාර්ගගත අධ්‍යාපනය ලැබීමට සුදුසු ස්මාර්ට් ජංගම දුරකතනයක් නොමැතිව වාරියපොල ප‍්‍රදේශයේ පාසලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු සිය නිවසේදීම සියදිවි හානිකර ගැනීමේ පුවතක් වාරියපොළ පොලිස් බල ප‍්‍රදේශයේ වාර්තා වේ.

වාරියපොල ප‍්‍රදේශයේ පාසලක 10 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබු කවිඳු දිල්හාන් කේෂර විජේරත්න (16) සිසුවා පසුගියදා ඔහුගේ කාමරයේදී ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙන බව වාරියපොල පොලිසිය ස`දහන් කළේය.

වැඩිමල් සොයුරෙක් සහ බාල සොයුරියක් සිටින සියදිවි හානිකරගත් කවිඳු පවුලේ දෙවැනි දරුවා වන අතර මෙදින, දෙමාපියන් වත්තේ වැඩක නිරත වී ආපසු නිවසට පැමිණි කවිඳු දරුවාට කතාකළත් ඔහුගෙන් පිළිතුරක් නොලද නිසා කාමරයේ දොර විවර කර බැලීමේදී ගෙල වැළලාගෙන සිටි කවිඳු දුටු බව පොලිසියට පැවසූ බවත් අනතුරුව කුරුණෑගල පළාත් මහ රෝහලට දරුවා රැුගෙන ගිය බවත් වාරියපොල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක තලවත්ත මහතා පැවසීය.

මාර්ගත අධ්‍යාපනය සදහා අවශ්‍ය ජංගම දුරකථන පහසුකම් නොමැතිවීම දරුවාගේ සියදිවි හානිකර ගැනීමට හේතුව බවට දැනට තොරතුරු අනාවරණය වී ඇති බවත් මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුවන බවත් පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

කුරුණෑගල පළාත් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එච්.පී.කේ.විජේවීර මහතා විසින් සිදුකළ මරණ පරීක්ෂණයේදී සිසුවාගේ ගෙල සිරවීමෙන් සිදුවු මරණයක් බවට

තහවුරුවී ඇත. එළවිටිගම හදිසි මරණ පරීක්ෂක පේ‍්‍රම පුෂ්ප හේරත් මහතා විසින් මරණ පරීක්ෂණය සිදුකරන ලදී.

ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර – කුරුණෑගල

advertistmentadvertistment
advertistmentadvertistment