ඔන්ලයින් මගින් ගෙන්වන භාණ්ඩවලට බදු අය කිරීමේ නව ක‍්‍රමයක්

204

ඔන්ලයින් මගින් ආනයනය කරනු ලබන භාණ්ඩවලට බදු අය කිරීමට නව ක‍්‍රමවේදයක් ඇති කිරීම සම්බන්ධයෙන් සලකා බලන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20 දා) පැවසීය. ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා විසින් වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් විමසා තිබූ ප‍්‍රශ්නයකට උත්තර දෙමින් හෙතෙම මේ බව කීය. ඔන්ලයින් මගින් ගෙන්වන භාණ්ඩවල ගුණාත්මකභාවය සහ විද්‍යුත් වාණිජ වෙළෙඳාම ශීඝ‍්‍ර ලෙස ප‍්‍රචලිත වී ඇති බවද මේ පිළිබඳ අවධානය දක්වන ලෙස ද මුසම්මිල් මහතා කියා සිටියේය.

අකිත පෙරේරා රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment