ඔන්ලයින් මූල්‍ය වංචා කළ ඉන්දියානුවන් 137ක් අත්අඩංගුවට

40

ඔන්ලයින් ඔස්සේ මූල්‍ය වංචා සිදුකරමින් සිටි ඉන්දීය ජාතිකයින් 137 දෙනෙක් ඊයේ දිනය තුළදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

මීට පෙර ඉන්දුනිසියානු, බංග්ලාදේශ, පාකිස්තාන සහ වෙනත් රටවල පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.මොවුන් සමග ජංගම දුරකථන 135ක් සහ ලැප්ටොප් 57ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment