ඔන් ලයින් අස්සේ පෙම් ලයින් එකක පැටලූණු කෙල්ල වැඩ වරද්දා ගනී – බදුල්ලේ කොල්ලා අත්අඩංගුවට

353

ෆේස් බුක් ඔස්සේ හදුනාගත් තරුණියකට බරපතළ ලිංගික හිංසන සිදුකළ තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පයාගල පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇත්තේ බදුල්ල ප‍්‍රදේශයේ 18 හැවිරිදි තරුණයෙකි. කොරෝනා වසංගතය නිසා ඔන් ලයින් ඉගෙන ගැනීමට දැරියගේ මව ජංගම දුරකථනයක් මිලදී ගෙන දී ඇති අතර, ඇය මවට හොර රහසේ මුහුණු පොතෙන් බදුල්ල ප‍්‍රදේශයේ තරුණයෙකු හ`දුනාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කීය. පසුව ඔහු සූක්ෂම ලෙස දැරියගේ වැඩිමහල් සොහොයුරා සමග මිත ‍්‍රවී පයාගල නිවසට පැමිණ ඇති අතර ඔහුගේ මාර්ගයෙන් නිවසට පැමිණ නිවැසියන් නොමැති අවස්ථා කිහිපයකදී දැරිය අපයෝජනයට ලක්කර නිවසින් පලාගොස් ඇතැයි පොලිසිය කීය.

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment