ඔන් ලයින් උගන්වන ගුරුවරුන්ට බාධා කළොත් වැඩ වරදී

193


රජයේ සේවකයන්ගේ රාජකාරියට බාධා කිරීම බරපතළ වැඩ ඇතිව සිර දඩුවම් ලැබිය හැකි වරදක් බැවින් දරුවන්ට ආදරයෙන් උගන්වන ගුරුවරුන්ට වචනෙකින් හෝ බලපෑමක් කළොත් ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක‍්‍රියාත්මක වන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීවේය
අද උතුරේ සියලූ‍ ම පාසල් වල දරුවන් ට උගන්වනවා. නැගෙනහිර පාසල් වල දරුවන්ට උගන්වනවා. ජාත්‍යන්තර පාසල් සහ පුද්ගලික පාසල් වල දරුවන්ට උගන්වනවා. එහෙමනම් අද මේ අනාත වෙලා තියෙන්නේ, උගන්වන්නේ නැත්ත දකුණේ ඉන්න රජයේ පාසල් වල ඉගෙනගන්න අසරණ දරුවන්ට පමණයි. එනිසා මේ ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. ඒ වර්ජනයේ යෙදෙන ගුරුවරුන්ට මම කියනවා දරුවන්ගේ අනාගතය ගැන හිතලා කරුණාකර දරුවන්ට උගන්නවන්න.

advertistmentadvertistment
advertistmentadvertistment