ඔප්පු කොපි ගාස්තු ඉහළට

311

ඉඩම් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ඔප්පු කොපි, පත්තිරු ඇතුළු ලේඛනවල ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇත.

මීට අදාළ සංශෝධනයන් එම දෙපාර්තමේන්තුව මගින් සකස් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා විෂය භාර අමාත්‍යාංශයට භාරදීමට කටයුතු කළ බව රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ මිල සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු දෙපාර්තමේන්තු ශාඛා මගින් නිකුත් කරනු ලබන සියලුම ලේඛනවල මිල ගණන් ඉහළ යා හැකි බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment