ඔබතුමාලා රට කෑවා පුළුවන් නම් ගොවීන් හමුවන්න : ටී. එන්. ඒ. මන්තී‍්‍ර චාල්ස් සිංහල බසින් මැතිසබයේදී කියයි

834

ඔබතුමාලා රට කෑවා. පුළුවන් නම් ඡන්දේ දීපු ජනතාව ඉදිරියට යන්න. ජනාධිපතිතුමාට කියන්න ගොවීන් හමුවන්න කියලා. දෙමළ වගේම සිංහල ජනතාවත් පාරට වැටිලා යැයි දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ති‍්‍රක් මන්තී‍්‍ර චාල්ස් නිර්මලනාදන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) කෑ ගසා සිංහල භාෂාවෙන් කීය.

දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍රවරුන් සාමාන්‍යයෙන් එසේ සිංහල භාෂාවෙන් කෑ ගසමින් කතා කිරීම ඉතා අඩුවෙන් දක්නට ලැබෙන අතර එහිදී ආණ්ඩු පක්ෂ මන්තී‍්‍රවරුන් වෙත මන්තී‍්‍රවරයා මෙසේ ද කීය.

ඔය ගොල්ලෝ ජනතාව ඉස්සරහට ගිහින් කතා කරන්න. ජනාධිපතිතුමාට කියන්න ගොවියෝ ඉස්සරහට ගිහින් කතා කරන්න කියලා. මෙතන බොරුවට කෑ ගහන්නේ නැතුව, ඔබතුමාලා වගේ මන්තී‍්‍රවරු තමයි රට කෑවේ. මිනිස්සු පාරේ. අද අපේ ජනතාව විතරක් නෙවෙයි, සිංහල ජනතාවත් අද පාරට වැටිලා. මේ අයව පාර්ලිමේන්තු එවපු ජනතාව දුකේ. ගෑස් නෑ, කිරිපිටි නෑ පෝලිම්වල ඉන්නේ. පුළුවන් නම් ගම්වලට ගිහින් රැස්වීමක් තියලා කතා කරන්න. ඡන්දේ දීපු ජනතාවගෙන් අහන්න මොනවාද තිබෙන ප‍්‍රශ්න කියලා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment