ඔබේ ජීවිතයට නාඩි සිද්ධාන්ත උපයෝගී කරගෙන දැනගත හැකි කරුණු

1057

නාඩි සිද්ධාන්ත යනු කුමක්ද? එයින් කේන්ද්‍ර විග‍්‍රහයක යෙදිය හැකිද? නාඩි කේන්දරයක් හදන්නේ කෙසේද? පලාඵල පවසන්නේ කෙසේද එයින් දරුවෙකුගේ අධ්‍යාපන කටයුතු, විවාහය, රැුකියාව, ලෙඩ රෝග, මරණය ආදිය පිළිබඳව සවිස්තරාත්මක විග‍්‍රහයක යෙදිය හැකිද යන්න පිළිබඳව විවිධ මත ඔබට ඇතිවිය හැක. මේ සියලූම මතවාදවලට එකින් එක විග‍්‍රහ කරමින් පිළිතුරු දීමට ඉදිරි ලිපිවලදී බලාපොරොත්තු වන අතර මේ ලිපියෙන් කෙටි හැඳින්වීමක් සිදු කරන්නම්.

නාඩි සිද්ධාන්ත භාවිතය අපේ සාමාන්‍ය කේන්දර විග‍්‍රහයට වඩා වෙනස් මඟක් ගන්නා අතර සම්ප‍්‍රදායික පරාසර සිද්ධාන්ත භාවිතා කරන්නෙකු බොහෝවිට ලග්නය පදනම් කරගෙනම යම් යම් පුද්ගලයන්ගේ ජන්මපත‍්‍ර විශ්ලේෂණය කරන අතර නාඩි ජ්‍යොතිෂයේදී ඒ ඒ ග‍්‍රහයන්ගේ කාරකත්වය මුල්කරගෙන විමසීම් කරනු බයි. තවත් වැදගත් කරුණක් තමයි නාඩි ජ්‍යොතිෂයේදී බොහෝදුරට සාමාන්‍ය ජ්‍යොතිෂයේ පවතින තත්කාල කේන්දරය, දශාව, විදශාව, මේ කිසිවක් භාවිතයට නොගැනීමයි. තවද නාඩි ජ්‍යොතිෂයේදී ග‍්‍රහයන්ගේ ගෝචර ගමනට විශේෂ සැළකිල්ලක් යොමු කෙරේ. බොහෝ අවස්ථාවලදී කාලනිර්ණය හෙවත් ඒ ඒ කාලවලදී පවතින ග‍්‍රහ ගෝචරයට අනුව ඒ කාලවකවානුවලදී ජන්මියාට මෙවැනි දේ සිදුවිය හැකි බව පවසන්නේ හරියටම කාලවකවානු පවසන්නේ නාඩි ජ්‍යොතිෂයෙන් පමණි.

සම්ප‍්‍රදායික ජ්‍යොතිෂයේදී විවිධ ක‍්‍රම

අනුගමනය කරන බව ඉහතින් සඳහන් කළා. ඊට අමතර විංශෝත්තරි දශා ක‍්‍රමය සාමාන්‍ය ජ්‍යොතිෂයේ විශේම තැනක් වෙයි. මෙයින් මිනිසෙකුගේ පූර්ණ ආයු කාලය වර්ෂ 120 යනුවෙන් සලකා ඒ ඒ ග‍්‍රහයන්ට අයෙත් වර්ෂ අනුව එනම් රවිට වර්ෂ 06 කුත්, සඳුට වර්ෂ 10 කුත්, කුජට වර්ෂ 07 කුත්, රාහු වර්ෂ 18 කුත්, ගුරුට වර්ෂ 16 කුත්, ශනිට වර්ෂ 19 කුත්, බුධට 17 කුත්, කේතුට වර්ෂ 07 කුත්, සිකුරුට වර්ෂ 20 කුත් වශයෙන් ගණනය කළ විට වර්ෂ 120 ක් අයත් වේ. මේ ආකාරයට රවි, සඳු, කුජ, රාහු, ගුරු, ශනි, බුධ, කේතු, සිකුරු ආදී වශයෙන් ඔබ දශා, මහ දශා පසු කරයි. මෙතනදී පුංචි මතක් කිරීමක් කළ යුතු බව හැෙඟ්. මන්ද දශාව තීරණය කරන්නේ සඳු හෙවත් චන්ද්‍රයා සිටින නැකත කුමන අංශක (අංශක* කුමන කලා ප‍්‍රමාණයක් භුක්ති විඳ ඇද්දැයි බැලීමෙනි. එනම් චන්ද්‍රයා කිනම් ප‍්‍රමාණයක් ගමන් කර ඇද්දැයි බැලීමෙනි. එම ප‍්‍රමාණය අනුවයි දශාව තීරණය වන්නේය.

යම් ජන්මියෙකු ගත කරමින් සිටින්නේ කුමන මහා දශාවද, කුමන අතුරු දශාවද සහ මහා දශාධිපති, අතුරු දශාධිපති විදශාධිපති කවුරුද යන්න බලා පලාපල කීම සම්ප‍්‍රදායික ජ්‍යොතිෂයේදී සිදුකෙරේ.

එහෙත් නාඩි ජ්‍යොතිෂයේදී මේ ආකාරය බැහැර කරයි. නාඩි ජ්‍යොතිෂයේදී යම් පුද්ගලයකුගේ වත්මන් තත්ත්වය පිරිස්සා බැලීමේදී දශාව බැහැර කර එම මොහොතේ පවතින ගෝචරය හෙවත් ග‍්‍රහයන්ගේ තත් කාලයයි සහ ඒ මොහොතේ ග‍්‍රහ ගෝචරයේ පවතින තත්කාලයයි.

සාමාන්‍ය ජ්‍යොතිෂයේදී මෙම තත් කාලය උපයෝගී කර ගනියි. නමුත් ඔවුන් ගන්නේ ශනි, රාහු, කේතු සහ ගුරු යන ග‍්‍රහයන් පමණි. මෙහිදී විශේෂයෙන්ම කිවයුත්තේ ශනි එක රාශියක වර්ෂ 2 1/2 කුත්, ගුරු එක රාශියක වර්ෂයකුත් රාහු සහ කේතු රාශියක 1 1/2 පමණයි. මෙම ග‍්‍රහ ගමන උපයෝගී කරගෙන ඔවුන් යෙදෙන පලාපල කථනයට වඩා වෙනස් ආකාරයක ඉතා නිවැරදි පලාපල කථනයක් නාඩි ජ්‍යොතිෂවේදියකුට පැවසිය හැක. එනම් රවි, සඳු, ගුරු, ශනි, කුජ, බුධ, රාහු, කේතු යන සියලූම ග‍්‍රහයන් උපයෝගි කර ගනිමිනුයි පලාපල කථනයේ යෙදෙන්නේ.

එනම් රවි එක් රාශියක් ගමන් කිරීමට මාසයක් ගතවෙයි. එනම් රාශි 12 ම ගමන් කිරීමට (මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන* වර්ෂයක් ගතවෙයි. එසේම ගුරු ග‍්‍රහයාද එක් රාශියක අවුරුද්දක් සිටියි. එනම් රාශි 12 ම ගමන් කිරීමට වර්ෂ 12 ක් ගතවෙයි. මේ ආකාරයට ගතවන කාලය නාඩි ජ්‍යොතිෂයේ විශේෂ සැලකිල්ලක් දක්වමින් පලාපල කථනයේ යෙදේ.

යම් ජන්මියෙකුගේ පලාපල පැවසීමකදී නාඩි ජ්‍යොතිෂයේ තවත් ක‍්‍රම උපයෝගී කරගෙන එම ජ්‍යොතිෂවේදියා විසින් සකස් කර ගන්නා ලද කේන්දර සටහනකින් ඔබේ ජීවිතයේ බොහෝ සිදුවීම් ඔබට පවසයි. එනම් ඔබට අවශ්‍ය වන්නේ, අධ්‍යාපන කටයුතුද, රැුකියාවද, විදේශගත අධ්‍යාපනයද, විදේශගත රැුකියාවද,

රැකියාවේ උසස්වීම්ද, රැුකියාව අහිමි වීම්ද, දරුවාගේ අධ්‍යාපන කටයුතු අඩාල වීම්ද, මේ කාලයේ විවාහයක් සිදුවේද නැද්ද, යම් යම් අසනීපාදි කරදර ඇද්ද, පිළිකා තත්ත්වයක්, හෘද රෝග තත්ත්වයක් පවතයිද? යන්න පිළිබඳව බැලීමේදී උපයෝගී කර ගන්නේ නාඩි කේන්දරයයි. මෙයින් සත්‍ය වු පලාපල විස්තරයක් ඔබේ වයසත් සමගම පවසන්නට හැකියාව ලැබෙන්නේ.

සම්ප‍්‍රදායක ජ්‍යොතිෂවේදී ග‍්‍රහ ගමන සලකා බලයි. නමුත් ශනිගේ ඒරාෂ්ඨක අපල මුල්කර ගෙනයි පලාපල පවසන්නේ. නමුත් නාඩි ජ්‍යොතිෂයේදී කිසිම අයුරකින් ඒරාෂ්ඨකවලට පලාපල නොපවසයි. මන්ද ඒරාෂ්ඨක කිසිවක් නාඩි ජ්‍යොතිෂයේදී නොගැනීමයි සහ බැහැර කිරීමයි. තවදුරටත් පැවසීමේදී ඒරාෂ්ඨක කාලය ශනිගේ අවුරුදු 1 1/2 ක් (ජන්ම, අෂ්ඨිම, චන්ද්‍ර අෂ්ඨම* ලග්න ඒරාෂ්ඨකයක් නම් වර්ෂ 7 1/2 කි. සාමාන්‍ය ජ්‍යොතිෂයේදී මෙයටයි පලාපල පවසන්නේ.

මේ ආකාරයට බැලීමේදී නාඩි ජ්‍යොතිෂ සිද්ධාන්තය මගින් සම්ප‍්‍රදායික පරාශර ක‍්‍රමයට වඩා වෙනස් බව පැහැදිලිවේ. කාරකත්ව පිළිබඳව බලමු පලාපල කීමට.

නාඩි ජ්‍යොතිෂයේදී කාරකත්වය පිළිබඳව සඳහන් කළ අතර යම් පුද්ගලයකු උපන් මොහොතේදී ගුරු හා සිකුරු මගින්ද රවි මගින්ද, සඳු මගින්ද ජන්මියාගේ මව, පියා, රැුකියාව, සහකරු පිළිබඳවද දැනගත හැක.

තවද කුජ කාරකත්වය ගැන බැලීමේදී කුජ සහෝදරයන් පිළිබඳවද, නැවත වරක් දරුවන් ගැනද, ගුරුගෙන් බලයි. විවාහ සහකරු පිළිබඳව කුජ කාරකත්වය දරයි. ශනි රැුකියාව පිළිබඳව කාරකත්වය දරයි. බුද අධ්‍යාපනය පිළිබඳව කාරකත්වය දරයි.

ඉදිරි ලිපිවලින් නාඩි ජ්‍යොතිෂයෙන් ලග්න 12 ට හිමි අයගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විග‍්‍රහ කරන අතර ඉන්පසු ලිපියෙන් යම් පුද්ගලයකුගේ මරණය සිදුවන ආකාරය ජන්ම කේන්දරයෙන් පැවසිය නොහැකි යමක් නාඩි ජ්‍යොතිෂයෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

ඔබේ ජීවිතයට නාඩි සිද්ධාන්ත උපයෝගී කරගෙන  දැනගත හැකි කරුණු
advertistmentadvertistment
advertistmentadvertistment