ඔබ උපන් නැකත කුජ නම්  ඔබේ ගතිගුණ මෙහෙමයි

2087

අංශක 3600 වූ නැකැත් චක‍්‍රයේ කුජ ග‍්‍රහයාට හිමි නැකැත් තුනක් පවතී. මුවසිරස, සිත, දෙනට එම නැකැත් තුනයි. මෙම එක් නැකතක ප‍්‍රමාණය 130200 වන අතර නැකැත් පාදයක ප‍්‍රමාණය 30200 කි. ග‍්‍රහලොව සෙන්පතිට අයිති මුවසිරස නැකත, නැකැත් පංතියේ පස්වන නැකතයි. මුවසිරස නැකතේ පාද දෙකක් වෘෂභ රාශියේත් අනෙක් පාද දෙක මිථුන රාශිය දක්වාත් ව්‍යාප්තව පවතී. මුවසිරස නැකතේ පළමු පාද දෙක වෘෂභ රාශියේ 230 201 සිට 300 000 දක්වා ද, ඉතිරි පාද දෙක වන 3 වන පාදය හා 4 වන පාදය මිථුනයේ 00 01 සිට 60 400 දක්වා ව්‍යාප්තව පවතී. මේ අනුව මුවසිරස නැකතේ පළමු පාදයේ හා දෙවන පාදයේ සිටින ග‍්‍රහයින් නැකැත් අධිපතියා වන කුජගේ බලය හිමිකර ගනු ලබන අතර රාශි අධිපතියා වන සිකුරුගේ බලය ද හිමිකර ගනී. එලෙසම මුවසිරස නැකතේ 3 වන පාදයේ හා 4 වන පාදයේ සිටින සියලූම ග‍්‍රහයින් මුවසිරස නැකතේ අධිපති වන කුජ ග‍්‍රහයාගේ බලය හා මිථුන රාශියේ අධිපති වන බුධ ග‍්‍රහයාගේ බලය හිමිකර ගනී.

මෙම මුවසිරස නැකත දුවන මුවකුගේ හිසක් බදු හැඩයක් ගන්නා අතර තාපස ගුණයෙන් යුක්තය. ස්ථිර, ක්‍ෂිපු, සාධාරණ, චර, මෘදු, උග‍්‍ර, තීක්ෂණ යන නැකැත් බෙදෙන ප‍්‍රධාන කොටස් 7 න් මුවසිරස නැකත මෘදු කොටසට වැටේ. තරුවලින් සැදුම්ලත් නැකැත් පංතියේ මුවසිරස නැකතට අදාළ කොටසේ තරු 3 ක් පවතී. මෙම තරු තුනෙන් වඩාත් දීප්තිමත්, වඩාත් ලොකු තරුව මුවසිරස නැකතයි. මෙම මුවසිරස නැකතේ අධිපති කුජ බැවින් දශා කාලය වර්ෂ 7 කි.

මුවසිරස නැකතින් උපන් ජන්මින් සටන්කාමී චරිත වේ. සුහදශීලීව, නිරහංකාර ගති පැවතුම් ඇත. ශරීරය පිනවීමට මහත් ආශාවක් දක්වයි. කලාවට දස්කම් දක්වයි. සාධාරණව ජීවත්වන, යුක්තිය අගයන අය වේ. මොවුන් මානසික ශක්තිය අතින් ද වඩාත් බලවත්ය. ගැටලූ විසඳීමේ ප‍්‍රබල ශක්තියක් ඇත.

මුවසිරස නැකතට පාද 4 ක් ඇත. එහි පළමු පාදයෙන් යම් ජන්මියෙකු උපත ලදහොත් ඔහු හෝ ඇය බොහෝ එඩිතර ගති පෙන්නුම් කරන, ආගම දහමට ලැදි, අනුන් කෙරෙහි අනුකම්පා සහගත සිත් ඇති අයෙකි. මොවුන් බුද්ධිය අතින් ද ඉහළ තැනක සිටින්නේය.

මුවසිරස නැකතේ දෙවැනි පාදයෙන් උපත ලබන ජන්මීන් දැඩි ඉවසිලිවන්ත පුද්ගලයන්ය. ධන ධාන්‍ය නොවඩුව ලැබෙන අතර ප‍්‍රදේශයේ ජනපි‍්‍රය චරිතයක් ද වේ. මොවුන් ආගම දහමට ද දැඩි භක්තියක් ඇත්තවූන් වේ.

මුවසිරස නැකතේ 3 වන පාදයෙන් උපත ලැබූ ජන්මියා, දිනෙන් දින දියුණුවටම පත් වේ. කාර්යයෙහි දක්ෂ පුද්ගලයන් වන මොවුන් නිර්භීත චරිත වේ.

මුවසිරස නැකතේ හතරවන පාදයෙන් උපන්නේ නම් ධනයෙන් ආඞ්්‍යය වේ. කරුණාවන්ත සිතකට හිමිකම් කියන මොවුන් කම්මැලිකමින් තොරව කි‍්‍රයාශීලීව වැඩකරන අය වේ.

කුජ ග‍්‍රහයා හිමිකම් කියන මුවසිරස නැකතට අධිපතීත්වය දරන දේවතාවෙක් ද සිටියි. ඒ සෝම නම් දේවතාවාය. මෙම දේවතාවාට පුද සත්කාර කර මුවසිරස නැකැත් හිමියන්ට බොහෝ ප‍්‍රතිලාභ ලබාගත හැකිවනු ඇතැයි පුරාවාචාරීන්ගේ මතයයි.

මීළඟට කුජ ග‍්‍රහයා අධිපතීත්වය දරන සිත නැකත පිළිබඳව අවධානය යොමු කරමු. සිත නැකත, නැකැත් 27 කින් සමන්විත නැකැත් පංතියේ දාහතර වන නැකතයි. මුතු ඇටයක ස්වරූපයක් ගන්නා මෙහි පළමු පාද දෙක බුධ හිමි කන්‍යා රාශියෙහි ද ඉතිරි පාද දෙක වන 3 වන පාදය හා 4 වන පාදය යන දෙක කිවි හිමි තුලා රාශියෙහි ද ව්‍යාප්තව පවති. සිත නැකතේ 1 හා 2 පාද කන්‍යා රාශියේ 230 201 සිට 300 00 ට දක්වා ව්‍යාප්ත වන අතර එහි 3 හා 4 වන පාද තුලා රාශියේ 00 01 සිට 60 401 දක්වා ව්‍යාප්තව පවතී. ජන්මපත‍්‍රයේ සිත නැකතේ පළමු පාදයේ හා දෙවන පාදයේ සිටින ග‍්‍රහයින් සියලූම දෙනා සිත නැකතේ, නැකැත් අධිපතියා වන කුජ ග‍්‍රහයාගේ හා කන්‍යා රාශියේ අධිපති බුධ ග‍්‍රහයාගේ පාලනයට යටත් වේ. එමෙන්ම සිත නැකතේ 3 වන පාදයේ හා 4 වන පාදයේ සිටින ග‍්‍රහයින් නැකැත් අධිපතියා වන කුජ ග‍්‍රහයාගේ සහ රාශි අධිපතියා වන සිකුරුගේ පාලනයට යටත් වේ.

සිත නැකත තාපස ගුණයෙන් යුත් නැකතක් වන අතර ශරීරයේ යටිබඩ හා උදරය, වකුගඩු, උන්ඩුක පුච්චය ආදී අවයව සිත නැකත නියෝජනය කරයි. නැකැත් බෙදෙන ප‍්‍රධාන කොටස් 7 න් සිත නැකැත ද මෘදු කොටසට අයත් වේ. අහසේ සිත නැකතට හිමි කොටසේ එක් තරුවක් පමණක් පවතී. එය සිත නැකතට වේ. සිත නැකත කුජට හිමි වන බැවින් අදාළ වර්ෂ කාලය අවුරුදු 7 කි.

සිත නැකතින් උපන් ජන්මියා සතුරන් පරාජය කිරීමේ මහත් බලයක් හිමි අයෙකි. බොහෝ ශාස්ත‍්‍ර ප‍්‍රගුණ කරන්නෙක් වේ. සියලූ යස ඉසුරු ලබන, ආගම දහමට ලැදි අයෙකි වේ. තවද විරුද්ධ  ලිංගිකයන්ට වැඩි කැමැත්තක් දක්වන මොවුන් විනෝදයට ද බර පුද්ගලයන් වේ.

සිත නැකැතට ද පාද 4 කි. මෙයින් සිත නැකතේ පළමු පාදයෙන් උපන් ජන්මියා සතුරු පීඩා හමුවේ නොබියව වැඩකරන අතර සුහදශීලී, සමාජශීලී අයෙක් ද වෙති. මොවුන්ට බොහෝ මිතුරෝ වෙති.

සිත නැකතේ දෙවැනි පාදයේ උපදින අය කම්මැලිකමින් තොරව කාර්යයේ යෙදෙති. ධනය අඩු පසුබිමක ඉපදුන ද මොවුන් නොබෝ දිනකින් ධනය උපයා ගනී.

සිත නැකතේ තුන්වන පාදයෙන් උපත ලැබුවෝ අධි උත්සාහවන්තයන් වන අතර සමාජ සේවයට ද මහත් ඇල්මක් දක්වයි. සිත නැකතේ හතරවන පාදයෙන් උපන් ජන්මීන් තමා සතු දෑ දීමෙහි කැමැති පුද්ගලයන් වන අතර මොවුන් පි‍්‍රයමනාප සිරුරකට ද හිමිකම් කියනු ලබයි.

කුජ හිමි නැකැත් තුනෙන් අවසාන නැකත දෙනට නැකතයි. දෙනට නැකත, නැකැත් පංතියේ විසිතුන් වන නැකතයි. මෙම නැකැත මිහිඟු බෙරයක් බදු ස්වරූපයක් ගනී. මෙම නැකතේ පළමු පාදය හා දෙවන පාදය මකර රාශියේ 230 201 සිට 300 001 දක්වා විහිදෙන අතර 3 වන හා 4 වන පාද කුම්භ රාශියේ 00 001 සිට 60 401 දක්වා විහිදී පවතී. ජන්මපත‍්‍රය තුළ දෙනට නැකතේ පළවන, දෙවන, තුන්වන, හතරවන පාදයේ සිටින ග‍්‍රහයින්, නැකැත් අධිපතියා වන කුජගේ හා රාශි අධිපතියා වන ශනිගේ බලපෑමට යටත් වේ. මක්නිසාදයත් දෙනට නැකතේ අධිපති කුජ වන අතර මකර හා කුම්භ යන රාශිහි අධිපති ශනි වන බැවිනි. දෙනට නැකතට අයිති ශරීර අවයව ලෙස කෙන්ඩ, දණහිස හා වළලූකර සඳහන් කළ හැක.

දෙනට නැකත තාපස ගුණයෙන් යුත් නැකතක් වන අතර නැකැත් බෙදෙන කොටස් 7 න් චර කොටසට අයත් වේ. අහසෙහි ඇති තරු අතරින් තරු 4 ක් දෙනට නැකතට හිමිවන අතර එහි දීප්තියෙන් වැඩිම හා ලොකුම තරුව දෙනට නැකතයි. මෙම නැකතට අයත් දශා කාලය ද වර්ෂ 7 කි.

දෙනට නැකතේ උපන්න වුන් කලා අංශයට පි‍්‍රය කරයි. අනුන්ගෙන් ගරුනම්බු ලැබීමේ වාසනාව ඇත. අනුකම්පා සහගත සිත් ඇති ධනවත්, බලවත් අය වේ. මොවුන් කි‍්‍රයාවේ දක්ෂ පුද්ගලයන්ය. මොවුන් කරනා කි‍්‍රයාවන් වෙහෙස මහන්සි වී කරන අතර දිනෙන් දින ඉදිරියටම යෑමට වෙහෙසේ. සෑම දෙයකින්ම ප‍්‍රතිලාභයක් බලාපොරොත්තු වන මොවුන් නිෂ්ඵල වැඩ කිරීමෙන් වළකී.

මෙම නැකතට ද පාද 4 ක් හිමිවන අතර එහි පළමු පාදයේ උපන් පුද්ගලයා විරුද්ධ  ලිංගිකයන් පිළිබඳ වැඩි ඇල්මක් දක්වයි. මොවුන් කාමුක චරිත වේ.

දෙනට නැකතේ දෙවැනි පාදයේ උපදින වැඩි දෙනෙක් මහත ශරීරයකට හිමිකම් කියනු දැකිය හැක. තරමක් කලහකාරි ගති පෙන්වන අතර ලෝභී චරිතයක් ද වේ.

දෙනට නැකතේ තුන්වන පාදයෙන් උපන්න වුන් සටන්කාමී චරිත වේ. ඉතා දරුණු, දරදඬු පුද්ගලයන්ය.

දෙනට නැකතේ හතර වන පාදයෙන් උපන් පුද්ගලයා ඉක්මන් තීරණ, පටු තීරණ ගන්නා අයෙකි. විවාහවීමට බොහෝ කල් යයි. මොවුන් ක්‍ෂණික තීරණ ගන්නා පුද්ගලයන්ය.

මෙම පාද 4 න් උපන් දෙනට නැකැත් හිමියන්ට, නැකැත් පාදයට අදාළ පලාපල මෙන්ම දෙනට නැකතට අදාළ පොදු පලාපල ද අඩු වැඩි වශයෙන් ලැබේ. මෙම පලාපල වල සුබ අසුබ වැඩිවීම ජන්ම පත‍්‍රයේ කුජ ග‍්‍රහයාගේ බල දුබලතාව මත සිදුවන බව ද තරයේ මතක තබාගත යුතුය. එපමණක් ද නොව කුජ ග‍්‍රහයාට අයත් අනෙක් නැකැත් දෙක වන මුවසිරස, සිත යන නැකැත් දෙක සඳහා ඇති පොදු පලාපල ද ජන්මපත‍්‍රයේ කුජ ග‍්‍රහයාගේ බල දුබලතාව මත අඩු වැඩි වේ.

දෙනට නැකතට අධිපතීත්වය දරන දේවතාවක් ඇති බවට පුරාණ පොත පතේ සඳහන් වේ. ඒ වායු නම් දේවතාවාය. එම දේවතාවාට පුද පූජා කිරීම තුළින් දෙනට නැකැත් හිමියන්ට බොහෝ සුබපල උදාවනු ඇත.

ඔබ උපන් නැකත කුජ නම්  ඔබේ ගතිගුණ මෙහෙමයි

ජ්‍යොතිෂවේදීනි, දේශබන්දු,
ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී,
පල්ලේබැද්ද, පානදුර.
දු.අංකය – 0774 126 023

advertistmentadvertistment
advertistmentadvertistment