ඔබ කාගිල්ස් බැංකුව සමඟ ඉතිරිකර කාගිල්ස් තෑගි වවුචර් සහ ඉහළම පොලී අනුපාත හිමිකර ගන්න

244

මෙම අවුරුදු සමයේ කාගිල්ස් බැංකුව සිය ගනුදෙනුකරුවන්ට වසරක ස්ථාවර තැන්පත් සඳහා වාණිජ බැංකු අතර ඉහළම පොලී අනුපාත පිරිනමන අතරම සිංහල හා හින්දු අලූත් අවුරුද්ද සැමරීම සඳහා කාගිල්ස් ෆුඞ්සිටි අලෙවිසැල් වලින් භාණ්ඩ ලබා ගැනීම සඳහා රුපියල් 30,000ක් දක්වා වටිනාකමින් යුත් තෑගි වවුචර ලබා දෙයි.

මෙම විශේෂ දීමනාව 2022 මැයි 31 දින දක්වා වලංගු වේ. www.cargillsbank.com වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් හෝ 011 7 640 640 දුරකථන අංකයෙන් ක්‍ෂණික පාරිභෝගික සහාය සේවාව අමතා ඔබට වැඩි විස්තර දැන ගත හැකිය.

මෙම ප‍්‍රවර්ධන වැඩසටහන දියත් කරමින්, පාරිභෝගික බැංකු සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලසන්ත මහේන්ද්‍රරාජා මහතා මෙසේ පැවසීය: ”අවුරුදු උත්සව සමය යනු සියලූම ශී‍්‍ර ලාංකිකයිනට වසරේ සුවිශේෂී කාලයකි. ජනතාව බොහෝවිට ඉතිරි කිරීමෙන් නව වසර සඳහා සාධනීය ආරම්භයක් ලබා ගැනීමට අදහස් කරති. එනමුත් අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළයාමත් සමඟ ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව අඩුවී තිබෙනවා. එබැවින් කාගිල්ස් ෆුඞ්සිටි වවුචර් වශයෙන් ක්‍ෂණික ත්‍යාග පිරිනැමීමෙන් අපගේ තැන්පත්කරුවන්ගේ මුවඟට සිනහවක් ගෙනදීමට අපි තීරණය කරනු ලැබුවා. අපි, ශී‍්‍ර ලංකාවේ වඩාත්ම සංගෘහිත බැංකුව බවට පත්වීමේ ඉලක්කය කරා යන ගමනේ, මෙම වාසිය රුපියල් 50,000 සිට රුපියල් 5,000,000 දක්වා වන වසරක ස්ථාවර තැන්පතු සඳහා වලංගු කර ඇත්තෙමු. ඒ නිසා, මෙම අවස්ථාවෙන් වාසි ලබා ගෙන මේ අවුරුදු සමයේ අනාගතය වෙනුවෙන් ඉතිරි කරන අතරම අවුරුදු උත්සව සමය සතුටින් ගත කිරීමට අප හා එක්වක ලෙසට ආරාධනා කර සිටිනවා.”

advertistmentadvertistment
advertistmentadvertistment