ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!

749

පරණ අවුරුද්ද සඳහා ස්නානය

අපේ‍්‍රල් මස 13 වෙනි බදාදා දින කොහොඹපත් යුෂ මිශ‍්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව

අපේ‍්‍රල් මස 14 වෙනි බ‍්‍රහස්පතින්දා පූර්ව භාග 08.41 තත්පර 17ට අලුත් අවුරුද්ද උදාවෙයි.

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!

පුණ්‍ය කාලය

අපේ‍්‍රල් මස 14 වන බ‍්‍රහස්පතින්දා (බ‍්‍රහස්පතින්දාට එළිවන පාන්දර) පූර්ව භාග 2.17 තත්පර 17 සිට එදින අපර භාග 3.05 තත්පර 17 දක්වා පුණ්‍ය කාලය බැවින් අපේ‍්‍රල් මස 14 වන බ‍්‍රහස්පතින්දා පූර්ව භාග 2.17ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස; එනම් අපේ‍්‍රල් මස 14 වන බ‍්‍රහස්පතින්දා පූර්ව භාග 8.41 තත්පර 17 සිට අපර භාග 3.05 තත්පර 17 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත‍්‍ර විධි ඉටු කිරීම මැනවි.

ආහාර පිසීම

අපේ‍්‍රල් මස 14 වැනි බ‍්‍රහස්පතින්දා පූර්ව භාග 9.05ට රන්වන් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී

නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දී කිරි මිශ‍්‍ර කිරිබතක් ද උඳුපිටි මිශ‍්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අපේ‍්‍රල් මස 14 වැනි බ‍්‍රහස්පතින්දා පූර්ව භාග 10.17ට රන්වන් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී නැෙඟනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.

හිස තෙල් ගෑම

අපේ‍්‍රල් මස 17 වැනි ඉරිදා පූර්වභාග 7.04ට රතු සහ කහ මිශ‍්‍ර වර්ණ (තඹ පැහැති) වස්ත‍්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද පයට නුගපත් ද තබා ඉඹුල් පත් යුෂ මිශ‍්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි.

රැකීරක්‍ෂා සඳහා පිටත්ව යෑම

අපේ‍්‍රල් මස 18 වැනි සඳුදා පූර්වභාග 6.51ට ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැතී වස්ත‍්‍රාභරණයෙන් සැරසී දී කිරි මිශ‍්‍ර කිරිබත් හා කැවිලි වර්ගයක් අනුභව කර
දකුණු දිශාව බලා පිටත්ව යෑම මැනවි.

පැළ සිටුවීම

අපේ‍්‍රල් මස 18 වැනි සඳුදා පූර්වභාග 11.16ට ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැතී වස්ත‍්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා පැළ සිටුවීම මැනවි.

advertistmentadvertistment
advertistmentadvertistment