ඔමික්‍රෝන්ට එහා තවත් ප‍්‍රභේද මතුවීමේ අවදානමක් ලෝකයට සාපේක්‍ෂව  මෙරට කොවිඩ් මරණ වැඩියි

171
  • වෛද්‍ය නවීන් ද සොයිසා

කොවිඞ් පරීක්‍ෂණ ධාරිතාව අඩුවීම සහ නිවැරැුදි දත්ත ලබා ගැනීමට කි‍්‍රයා නොකිරීම නිසා ශී‍්‍ර ලංකාවේ කොවිඞ් මරණ අනුපාතය ලෝකයට සාපේක්‍ෂව ඉහළ අගයක් වාර්තා කරමින් පසුවන බව රජයේ වෛi නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛi නවීන් ද සොයිසා මහතා ‘දිවයින’ට ඊයේ (01 දා) පැවසීය.

1.5 ක්ව පවතින ලොව කොවිඞ් මරණ අනුපාතය ශී‍්‍ර ලංකාවේදී 2.54 ක් දක්වා ඉහළ අගයක් වාර්තා කිරීම ඉදිරිය පිළිබඳව බරපතළ අනතුරු ඇඟවීමක් ලෙස සිතා කටයුතු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

පී.සී.ආර්. ප‍්‍රමාණය සහ ක්‍ෂණික ප‍්‍රතිදේහ පරීක්‍ෂාව (රැුපිඞ් ඇන්ටිජන්) දෛනිකව අඩු අගයක් ගැනීම නිසා ඔමික්‍රෝන් ට එහා ගිය තවත් කොවිඞ් විකෘති ප‍්‍රභේද මෙරටින් මතුවීමේ දැඩි අවදානමක් පවතින බවද වෛiවරයා පැවසීය.

බූස්ටර් එන්නත් මාත‍්‍රාව ලබා ගැනීම මෙරට වැඩිහිටි ජනගහනයෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් මඟහැර තිබීමත් එය ප‍්‍රවර්ධනයට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර නොගැනීමත් නිසා ඔමික්‍රෝන් ව්‍යාප්තිය දෛනිකව ඉහළ යමින් පැවතීම මෙරට සෞඛ්‍යයට යළි දැඩි අවදානමක් වීමේ සලකුණු පෙන්වන බවද වෛi නවීන් ද සොයිසා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment