ඔමික්‍රෝන් ආසාදිතයන් හමුවීම 50% ට වැඩියි – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

224

කොවිඩ් ඔමික්‍රෝන් ආසාදිතයින්ගේ මෙරට වාර්තාවීම සියට පනහේ සීමාව ඉක්මවා ගොස් ඇති නිසා තවදුරටත් කොවිඩ් වෛරසය සැහැල්ලූවට ගතහොත් මෙරට රෝහල් ධාරිතාවට දැරිය නොහැකි තත්ත්වයක් උදාවනු ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා දිවයින ඉරිදා සංග‍්‍රහයට ප‍්‍රකාශ කළේය.

නිතිපතා කරනු ලබන කොවිඩ් පරීක්‍ෂණ සාම්පල බොහොමයක වැඩි අන්තර්ගතය ඔමික්‍රෝන් ප‍්‍රභේදය වන නිසා වාර්තා වන ප‍්‍රමාණයට වැඩි ඉහළ ප‍්‍රතිශතයක් සමාජයේ පැවතිය හැකි බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙසේද පැවසීය.

කොවිඩ් ව්‍යාප්තිය වළක්වා ගැනීමට හෝ එය කිසියම් පාලනයකට නතුකර ගැනීමේ හැකියාව පවතින්නේ අපේ රටේ සමස්ත ජනතාවටම පමණයි.

පවතින තත්ත්වය සැහැල්ලූවට ගෙන පසුගිය කාලසමයේ මෙන් වැරදි හැසිරීම් රටාවන් පුද්ගල ඒකරාශීවීම් සිදු කළොත් රට විශාල ව්‍යසනයකට තල්ලූවීම වළක්වා ගැනීම අසීරුවෙයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment