ඔමික්‍රෝන් පැතිරීමට ඉඩ දීම තවත් මාරාන්තික ප‍්‍රභේදවලට අත වැනීමක් – WHO ප‍්‍රධානියෙක් කියයි

151

ලොව පුරා ශීඝ‍්‍රයෙන් පැතිර යන ඔමික්‍රෝන් වෛරස් ප‍්‍රභේදය සමාජය තුළ නිදහසේ පැතිරීමට ඉඩ ලබා දුන්නොත් තවත් ශීඝ‍්‍රයෙන් පැතිරෙන මාරාන්තික කොරෝනා වෛරස් ප‍්‍රභේදයක් ළඟදීම බිහිවීමට ඇති ඉඩකඩ ඉතා ඉහළ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොරෝනා පිළිබඳ තාක්ෂණ අංශයේ ප‍්‍රධානියා වන වෛද්‍ය මරියා වැන් කර්කොව් ඉකුත් 08දා අනතුරු ඇඟවීය.

තවමත් එවැනි ප‍්‍රභේදයක් බිහිව නැතත් නව ප‍්‍රභේදයක් ලොව කුමන හෝ රටකින් බිහි වන ලකුණු පහළ වෙමින් පවතින බවද ඇය සඳහන් කළාය. දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔමික්‍රෝන් වෛරස් ප‍්‍රභේදයේ අනු ප‍්‍රභේද 04ක් හඳුනාගෙන ඇති අතර ඉන් අනු ප‍්‍රභේදයන් දෙකක් වන බීඒ.1 හා බීඊ.2 ලොව පුරා ශීඝ‍්‍රයෙන් පැතිර යන බව පෙන්වා දී ඇති වෛද්‍ය කර්කොව් මේ වන විට බීඒ.2 ඔමික්‍රෝන් උප ප‍්‍රභේදය බීඒ.1 උප ප‍්‍රභේදය අභිබවමින් පැතිර යන බව කීවාය. මෙම බීඒ.2 ඔමික්‍රෝන් උප ප‍්‍රභේදයේ ශීඝ‍්‍ර පැතිරීම හා එය රටවල කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට හේතු වී ඇති ආකාරය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිරීක්ෂණය කරමින් සිටින බවද ඇය පසුගිය අඟහරුවාදා මාධ්‍යයට පවසා තිබේ.

දැනට හඳුනාගෙන ඇති ඔමික්‍රෝන් උප ප‍්‍රභේදයන් සෑම එකකින්ම ආසාදිතයන් තුළ ඇති කරනු ලබන අසාධ්‍ය තත්ත්වය එක හා සමාන බව ද, ඉදිරියේදී බිහිවන නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයන් ජනතාවගේ ප‍්‍රතිශක්තිය අභිබවා යෑමට ඇති ඉඩකඩ ඉතාමත් වැඩි බවද ඇය සඳහන් කර තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment