ඔමික්‍රෝන් විකෘති ප්‍රභේදය ලංකාවටත් බැල්ම හෙළයි! – PHI  සංගමය අනතරු අඟවයි

150

ලොවපුරා ව්‍යාප්ත වන ‘ඔමික්‍රෝන්’ නව කොවිඩ් විකෘති ප්‍රභේදය මෙරටටද පැමිණීමේ දැඩි අවදානමක් පවතින බවට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.

ඊයේ (18දා) පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති, උපුල් රෝහණ මහතා මේ බව පැවසීය.

රට තුළට මේ වනවිටත් නව කොවිඩ් ප්‍රභේදය ඇතුළු වී තිබේදැයි සොයා බැලිය යුතු බව පැවසූ උපුල් රෝහණ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

ජපානය, ඔස්ටේ්‍රලියාව, වියට්නාමය, පකිස්තානය සහ ඉන්දියාව වැනි රටවල සැලකිය යුතු මට්ටමින් කොවිඩ් රෝගීන් වැඩි වී තිබෙනවා. මරණ සංඛ්‍යාවත් වැඩි වී තිබීම අපේ රටට දැඩි අවදානමක්. මේ වනවිට මෙරටට පැමිණෙන්නන් පිළිබඳව කිසිදු පරීක්‍ෂාවක් නැහැ. ඒ නිසා කොවිඩ් තොරතුරු තහවුරුවීමක් නෑ. නමුත් යම් යම් සැක කටයුතු තැන් තිබෙනවා.

මහජනතාව නැවතත් මුව ආවරණ දැමීම, දෑත් සේදීම සහ කොවිඩ් මාර්ගෝපදේශ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම එන්නත් පිළිබඳවත් ඉතාමත් සැලකිලිමත්ව ඒවා නිසි ලෙස ලබාගත යුතුයි.

සුජීව තත්සර
 

advertistmentadvertistment
advertistmentadvertistment