ඔමික්‍රොන්ට මුහුණ දෙන්න නිසි සෞඛ්‍ය පුරුදු හැර වෙන විකල්පයක් නෑ – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

102

‘ඔමික්‍රොන්’ විකෘති කොවිඞ් වෛරස ප‍්‍රභේදයට මුහුණ දීමට සෞඛ්‍ය පුරුදු ආරක්ෂා කිරීම හැර වෙනත් කිසිදු විකල්පයක් මේ වනවිට ලෝකය නිශ්චිතවම සොයාගෙන නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ට ඊයේ (03 දා) ප‍්‍රකාශ කළේය.

ශී‍්‍ර ලංකාවට ද ‘ඔමික්‍රොන්’ විකෘති කොවිඞ් වෛරසයක බලපෑම අත්විඳින්නටවන බව සිය සංසදය පෙන්වාදී තිබුණ ද ඒ පිළිබඳව රජය නිසි සැලකිල්ලකට

නොගැනීමේ බරපතළකම මේ වනවිට අත්විඳින්නට සිදුවීම කනගාටුදායක තත්ත්වයක් යැයි ද වෛද්‍යවරයා සඳහන් කළේය.

ඊයේ (03 දා) මෙරටින් ඔමික්‍රොන් විකෘති කොවිඞ් ආසාදිතයකු හඳුනාගැනීම පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍යවරයා මේ බව කියා සිටියේය.

‘‘ඔමික්‍රොන්’ කිසිම එන්නතකට ආන්සර් කරන්නේ නෑ. ‘බූස්ටර්’ එන්නත තුන්වැනි මාත‍්‍රාව ලෙස ලබා දුන්නත් එහි බලය රැුඳී තිබෙන්නේ මාස තුනක් පමණයි. අපි මේ විකෘති කොවිඞ් ප‍්‍රභේද මෙරටට පැමිණීම පිළිබඳව කීවේ මීට මාස ගණනකට ප‍්‍රථම. ඒ ගැන රජය අවධානය යොමු කළේ නැහැ.

මෙරට සෞඛ්‍ය පිළිබඳව කටයුතු කිරීමේ මුල්තැන යුද හමුදාවට ලබාදීම වැරදියි. ඒ නිසා අපේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයම පහතට වැටුණා. ඒ වගකීම රජය භාරගත යුතුයි.

දැන් බලාගෙන හිටපු ‘ඔමික්‍රොන්’ ආවා. මේකට බෙහෙත් නැත්නම් අපි කළ යුත්තේ මුහුණු ආවරණ නිසි ලෙස පැළඳීම, මුහුණු සේදීම, අත් සේදීම සහ පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කිරීම ඇතුළු මූලික සෞඛ්‍ය මාර්ගෝපදේශ ආරක්ෂාකර ගැනීමයි.

කොහොම වුණත් රටේ මේ මොහොතේ පවතින වර්ජන ඇතුළු තත්ත්වයන් සමග සැසඳීමේදී ‘ඔමික්‍රොන්’ එතරම් දරුණු නැහැ කියන එක මගේ මතයයි. අපි වර්ජනවලට අනුබල දෙන්නේ නැහැ. නමුත් සෞඛ්‍ය ‘‘වෘත්තීය සමිති මකරා’ නිසා ජනතාව අද පීඩාවට පත්ව සිටිනවා.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment