ඔමික්‍රෝන්ට දැඩි නීති අවශ්‍ය බව එංගලන්ත විද්‍යාඥයෝ පවසති

184

එංගලන්ත රජයේ විද්‍යාඥයන් විසින් ‘ඔමික්‍රෝන්’ ප‍්‍රභේදයේ ශීඝ‍්‍ර පැතිරීම හමුවේ රෝහල් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරි ඉතිරි යෑම වැළැක්වීම සඳහා දැනට පනවා ඇති නීතිවලට අමතරව තවත් දැඩි නීති රීති හඳුන්වා දිය යුතු බවට රජයට නිර්දේශ කර තිබේ.

 එංගලන්තයෙන් මේ වන විට ඔමික්‍රෝන් ආසාදිතයන් 10,000ක් දෙනා වාර්තා වී ඇති අතර පෙරේදා (18දා) දිනයේ එරටින් කොරෝනා ආසාදිතයන් 90,000ක් දෙනා වාර්තා වී තිබිණි. මේ අතර ඉන්දීය වෛද්‍ය පර්යේෂකයන් පෙන්වා දෙනුයේ මහජනතාව කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකළහොත් ඔමික්‍රෝන් ප‍්‍රභේදයේ පැතිරීමෙන් දිනකට එරටින් ආසාදිතයන් 14 ලක්ෂයක් වාර්තා වීමේ අවදානමක් ඉදිරියේදී උද්ගත වනු ඇති බවයි.

 සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment