‘ඔමික්‍රෝන්’ අලූත් උප ප‍්‍රභේදය රටවල් 41ක් ගිල ගනී – ශී‍්‍ර ලංකාවත් අයිතියි

329

දැනට ලොව පුරා ශීඝ‍්‍රයෙන් පැතිර යන ‘ඔමික්‍රෝන්’ කොරෝනා වෛරස් ප‍්‍රභේදයේ අලූතින් හඳුනා ගැනුණු උප ප‍්‍රභේදයක් මුල් වෛරස් ප‍්‍රභේදයට වඩා ශීඝ‍්‍රයෙන් රටවල් 41ක පැතිර යන බව බටහිර විද්‍යාඥයන් විසින් අනාවරණය කර ගෙන තිබේ.

‘බී ඒ.2’ යනුවෙන් නම් කර ඇති මෙම ‘ඔමික්‍රෝන්’ උප ප‍්‍රභේදය එංගලන්තය, ඉන්දියාව, ඩෙන්මාරකය, ස්වීඩනය, ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් 41කින් මේ වන විට හඳුනාගෙන ඇති බව එම විද්‍යාඥයෝ පවසති. එංගලන්තයෙන් මෙම මස මුල් දින 10ක කාලයේ දී නව ‘ඔමික්‍රෝන්’ උප ප‍්‍රභේදය ආසාදනය වූවන් 400 දෙනකු හඳුනාගෙන ඇති අතර මේ හේතුවෙන් එම ප‍්‍රභේදය අවධානය යොමු කළ යුතු කොරෝනා ප‍්‍රභේදයක් ලෙස නම් කිරීමට එංගලන්ත සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ. මේ වන විට ආසියාතික රටවලට මෙම නව ඔමික්‍රෝන් උප ප‍්‍රභේදයෙන් බලවත් තර්ජනයක් එල්ල වන ලකුණු පහළ වූ අතර මෙම නව උප ප‍්‍රභේදයේ හැසිරීම පිළිබඳව එංගලන්ත හා ප‍්‍රංශ විද්‍යාඥයන් අවධානයෙන් පසුවන බව සඳහන් කර තිබේ.

මෙම‘බීඒ.2’යනුවෙන් හැඳින්වෙන ඔමික්‍රෝන් උප ප‍්‍රභේදය ආසාදනය වූවන් 12දෙනෙකු ශ‍්‍රී ලංකාවෙන් ඉකුත් සති තුනේ දී හඳුනාගෙන ඇති බව කෝට්ටේ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප‍්‍රතිශක්ති ඌනතා හා ෙසෙල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි. දැනට බොහෝ රටවල පැතිර යනුයේ ‘බී ඒ .1’ යනුවෙන් හැඳින්වෙන ‘ඔමික්‍රෝන් උප වෛරස් ප‍්‍රභේදය වන අතර ළඟදීම ‘බී ඒ .2’ උප ප‍්‍රභේදය එය අභිබවමින් පැතිර යනු ඇති බව බටහිර විද්‍යාඥයෝ පවසති.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment