ඔමික්‍රෝන් ආසාදිත කතට නිරෝධායන පනත යටතේ නීති පියවර: PHI සංගමය කියයි

246

ඔමික්‍රෝන් කොවිඞ් විකෘති වෛරසය ආසාදිත බවට හඳුනාගත් මෙරට කාන්තාවට නිරෝධායන ආඥා පනත කඩ කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එම කාන්තාවගේ නිරෝධායන කාල සීමාව අවසන්වීමෙන් පසු 1897 අංක 3 දරන නිරෝධායන ආඥාපනතට අනුව ඇයටත් ඇය සම`ග සම්බන්ධතා පැවැත්වූවන්ටත් මෙලෙස නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

එසේම මෙම කාන්තාව සහ ඇය පදිංචිව සිටි නිවාසවල පිරිස්ද එක්තරා ආගමික කණ්ඩායමක ආගමික මත දරන්නන් වීම නිසා ඔවුන් කිසිදු එන්නතක් නොගෙන මෙලෙස නයිජිරියාවට ගොස් ඇත්තේද ආගමික කටයුත්තකට බව උපුල් රෝහණ මහතා පවසයි.

එම කාන්තාව එන්නත් ලබා නොගෙන මෙරටින් පිටව ගොස් ඇතත් එම ගුවන් සමාගම ඒ පිළිබඳ කිසිදු සැලකිල්ලක් දක්වා නැති බව තහවුරු වී ඇතැයිද ඒ මහතා සඳහන් කළේය. ඊයේ (06 දා) පැවති මාධ්‍ය හමුවකදී මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා මේ බව කියා සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment