ඔමික්‍රෝන් ඉන්දියාවට මාරාන්තික රැල්ලක් නොවෙයිලු

233


ඉන්දියාවේ පැතිර ගිය කොවිඩ් ඩෙල්ටා ප‍්‍රභේදයේ දෙවැනි රැල්ල තරම් ඔමික්‍රෝන් ප‍්‍රභේදය මාරාන්තික රැල්ලක් නොවනු ඇතැයි එරට ආසාදන රෝග හා ආර්ථික ප‍්‍රතිපත්ති මාධ්‍ය කේන්ද‍්‍රයේ අධ්‍යක්ෂ රාමනාන් ලක්ෂිනාරායන් පවසයි.ඩෙල්ටා ප‍්‍රභේදය නිසා දිනකට නව ආසාදිතයින් ලක්ෂ 04ක් පමණ හමුවූ බවත් ඔමික්‍රෝන් ප‍්‍රභේදය ආසාදිත රෝගීන් මෙතෙක් බහුලව හමුවී නැතැයි පවසන ඒ මහතා එය කාලය අනුව තීරණය කළ යුතු කාරණයක් යැයි ද සඳහන් කරයි.මේ වන විට ඉන්දියාවේ වැඩිහිටි ජනතාවගෙන් සියයට 48.5කට වැඩි පිරිසකට කොරෝනා මර්දන එන්නත් දෙකම ලබාදී ඇතැයිද ජනගහනයෙන් 2/3කට වැඩි පිරිසකගේ ප‍්‍රතිශක්තිය වර්ධනය කර ඇතැයිද පවසයි.මේ වනවිට එන්නත් මාත‍්‍රා බිලියනයක් ලබාදී ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment