ඔමික්‍රෝන් ඩෙල්ටා සමග ලොව පුරා දරුණු කොරෝනා සුනාමියක් මතුව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධාන ප‍්‍රධානී පවසයි

242

මේ වන විට ඩෙල්ටා හා ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප‍්‍රභේදයන් ඒකාබද්ධව ලොව පුරා භයානක කොරෝනා සුනාමියක් ඇති කරමින් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක අධ්‍යක්ෂක වෛද්‍ය ටෙඞ්රෝස් අඩනම් ගෙබ්‍රේයේසුස් පවසා තිබේ. ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපා රටවල් ගණනාවකින් ඉතා විශාල කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වෙමින් පැවතීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය ගෙබ්‍රේයේසුස් මේ බව සඳහන් කර තිබේ.

ප‍්‍රංශයෙන් ඊයේ (30දා) දිනයේ දෙවැනි දිනටත් දෙලක්ෂය ඉක්මවූ කොරෝනා ආසාදිතයන් පිරිසක් වාර්තා වී තිබූ අතර ඇමරිකා එක්සත් ජනපදයෙන් දෙලක්ෂ පනස්දහස ඉක්මවූ ආසාදිතයන් පිරිසක් වාර්තා වී තිබිණි. එංගලන්තය, ඔස්ටේ‍්‍රලියාව, ඩෙන්මාර්කය හා පෘතුගාලය යන රටවලින් ද මේ වන විට විශාල කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් දිනපතා වාර්තා වෙමින් තිබෙන අතර පෝලන්තයෙන් වාර්තාගත කොරෝනා මරණ 794ක් පෙරේදා (29දා) දිනයේ වාර්තා වී තිබිණි. ප‍්‍රංශ සෞඛ්‍ය ඇමැති ඔලිවියර් වේරන් විසින් ඔමික්‍රෝන් ප‍්‍රභේදය දරුණු වසංගත රැුල්ලක් ඇති කර ඇති බව පවසා තිබේ. කෙසේ වුවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනුයේ මේ සා විශාල දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වීමට හේතු වී ඇත්තේ ඩෙල්ටා හා ඔමික්‍රෝන් ප‍්‍රභේදයන් දෙකම ඒකාබද්ධව පැතිරීම නිසා බවයි. මේ වන විට ලොව පුරා රටවලින් දෛනිකව කොරෝනා ආසාදිතයන් නව ලක්ෂයක් පමණ දෙනා වාර්තා වන බව පවසන වෛද්‍ය ගෙබ්‍රේයේසුස් මෙම තත්ත්වය මත ඉදිරියේදී ලොව පුරා රටවල රෝහල් පද්ධතියට හා සෞඛ්‍ය සේවකයන්ට දරා ගත නොහැකි තරමේ රෝගීන් සංඛ්‍යාවක් රෝහල්ගත වනු ඇති බවට අනතුරු අඟවා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment