ඔමික්‍රෝන් නිසා නෙදර්ලන්තය අගුලූ දමයි

146

‘ඔමික්‍රෝන්’ කොරෝනා වෛරස් ප‍්‍රභේදය ශීඝ‍්‍රයෙන් පැතිර යෑම හේතුවෙන් නෙදර්ලන්තය ලබන ජනවාරි මස 14 වැනිදා තෙක් පූර්ණ වශයෙන් අගුලූ දැමීමට (ලොක්ඩවුන්) එරට රජය විසින් පියවර ගෙන තිබේ. මෙම අගුලූ දැමීම යටතේ අත්‍යවශ්‍ය නොවන සාප්පු, හිසකේ සැරසිලි සිදු කරන මධ්‍යස්ථාන, කායවර්ධන මධ්‍යස්ථාන (ජිම්), මත්පැන් අලෙවි මධ්‍යස්ථාන (බාර්) හා පොදු ස්ථාන වසා දැමීමට තීරණය කර තිබේ.

 අගුලූ දැමීම ක‍්‍රියාත්මක වන කාලසීමාවේදී එක් නිවෙසකින් අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා පිටවීමට අවසර ලැබී ඇත්තේ දෙදෙනකුට පමණි. අගුලූ දැමීමේ නීති රීති හඳුන්වාදෙමින් නෙදර්ලන්ත අගමැති මාර්ක් රුට්ටේ පවසා ඇත්තේ මෙම අගුලූ දැමීම වැළැක්විය නොහැකි ක‍්‍රියාමාර්ගයක් බවයි. මෙම අගුලූ දැමීම කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා මෙතෙක් නෙදර්ලන්තයේ ක‍්‍රියාත්මක වූ දැඩිම අගුලූ දැමීම බව අගමැතිවරයා පවසා තිබේ. අවම`ගුල් හා සතියකට වරක් ක‍්‍රියාත්මක වන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අලෙවි කෙරෙන මධ්‍යස්ථාන හැරෙන්නට වෙනත් කිසිම උත්සවයක් පැවැත්වීමට අවසර ලබා නොදෙන අතර ක‍්‍රීඩා තරග පේ‍්‍රක්ෂකයන්ගෙන් තොරව පැවැත්වීමට අවසර දී තිබේ. නෙදර්ලන්තයේ සියලූ පාසල් ලබන ජනවාරි 09 වැනිදා තෙක් වසා තැබෙන අතර නිවෙස්වලින් පිටතදී එකවර හමුවීමට අවසර ලබා දී ඇත්තේ දෙදෙනකුට පමණකි. රට අගුලූ දැමීමට සැරසෙන බව සෙනසුරාදා නිවේදනය කිරීමත් සමගම නෙදර්ලන්තයේ විශාල පිරිසක් නත්තලට තෑගි මිලදී ගැනීම සඳහා කඩ සාප්පුවලට එක් රොක් වී සිටි බව විදෙස් මාධ්‍ය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment