ඔමික්‍රෝන් නිසා රටවල් 05ක් කොරෝනා මර්දන නීති දැඩි කරයි

181

ශීඝ‍්‍රයෙන් පැතිරෙන ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප‍්‍රභේදය පාලනය කිරීම සඳහා එංගලන්තයට අයත් රටවල් 3ක් මෙන්ම ඉන්දියාව හා ජර්මනිය දැඩි කොරෝනා මර්දන නීති රීති පැනවීමට මේ වන විට පියවර ගෙන තිබේ.

 නත්තල් සමයේ ඔමික්‍රෝන් වෛරස් ප‍්‍රභේදය ශීඝ‍්‍රයෙන් පැතිරෙමින් තිබීම හේතුවෙන් එංගලන්තයට අයත් උතුරු අයර්ලන්තයල ස්කොට්ලන්තය හා වේල්සය යන රටවල් මෙසේ මුහුණු ආවරණ :මාස්ක්ෆ පැළඳීම අනිවාර්ය කිරීමල එකිනෙකා අතර සමාජ දුරස්ථභාවය රැුකීම හා එකවර එක් අයෙකුට මුණගැසිය හැකි පිරිස සීමා කිරීම යන කොරෝනා මර්දන නීති රීති දැඩි කිරීමට සති අන්තයේදී පියවර ගෙන තිබේග ජර්මනියේ ප‍්‍රාන්ත 16 න්ම මේ වන විට ඔමික්‍රෝන් ආසාදිතයන් වාර්තා වී තිබීම නිසා එරටද මෙවර නත්තල් දිනය දැඩි සීමාවන්ට යටත්ව සැමරීමට ජනතාවට ඉඩ ලබා දී තිබිණිග මේ අතර ඔමික්‍රෝන් ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පැවතීම නිසා ඉන්දියාවේ කර්ණාටකල මහාරාෂ්ට‍්‍ර ඇතුළු ඉන්දීය ප‍්‍රාන්ත ගණනාවක්ද මේ වන විට රාත‍්‍රියේ පනවන ඇඳිරි නීතිය ඇතුළු මහජනයාගේ සංචරණයන් සීමා කිරීමට පියවර ගෙන තිබේග ඉන්දියාවේ ප‍්‍රාන්ත 17කින් ඔමික්‍රෝන් ආසාදිතයන් 422 දෙනකු ඊයේ වන විට හඳුනාගෙන තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment