ඔමික්‍රෝන් ලැව් ගින්නක්-ලෝක සෞඛ්‍ය සංවිධානය

198

ඉතා ශීඝ‍්‍රයෙන් ලොව පුරා ඉහළ යමින් පවතින ”‍ඔමික්‍රෝන් ”‍ආසාදිතයන්ගේ සංඛ්‍යාව හේතුවෙන් තවත් භයානක නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයන් බිහි වීමේ දැඩි අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා ශාඛාව විසින් ඊයේ (04දා) අනතුරු අඟවා තිබේ .

ලොව පුරා ලැව් ගින්නක් සේ පැතිර යන ”‍ඔමික්‍රෝන් ”‍ ප‍්‍රභේදය ඩෙල්ටා ප‍්‍රභේදයට වඩා මාරාන්තික බවින් අඩු සුළු රෝගලක්ෂණ පෙන්නුම් කරනු ලබන ප‍්‍රභේදයක් බවට ඇතැම් අධ්‍යයනවලදී අනාවරණය වී තිබීම හේතුවෙන් මෙම ප‍්‍රභේදයේ පැතිරීමෙන් පසු කොරෝනා වසංගතය නිමාවට පත් වී ජන ජීවිතය සාමානය තත්ත්වයට පත් වනු ඇති බවට ඇතැම් විශේෂඥයන් විසින් පසුගිය දිනවලදී අනාවැකි පළ කර තිබිණි .

කෙසේ වුවද එය එසේ නොවන බව පෙන්වා දෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථාවන් පිළිබඳ නිලධාරී කැතරින් ස්මෝල්වුඞ් පවසනුයේ ශීඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතින ”‍ඔමික්‍රෝන් ”‍ ආසාදිතයන්ගේ සංඛ්‍යාව එම ;අනාවැකිවලට විරුද්ධ තත්ත්වයක් ඇති කරනු ඇති බවයි .

advertistmentadvertistment
advertistmentadvertistment