ඔමික්‍රෝන් වලට එන්නතක් මාස 3-6 කින්

173

දැනට ලොවට තර්ජනයක්ව පවතින ‘ඔමික්‍රෝන්’ හා ‘ඩෙල්ටා’ කොරෝනා වෛරස් ප‍්‍රභේදයන්ට එරෙහිව ක‍්‍රියා කරන එන්නතක් තවත් මාස 3-6 අතර කාලයකින් නිපදවීමට සිය නිෂ්පාදකයන් බලාපොරොත්තු වන බව ජර්මනියේ එන්නත්කරණය පිළිබඳ ස්ථාවර කමිටුවේ ප‍්‍රධානියා වන තෝමස් මර්ටන්ස් පවසයි.

 ‘ඔමික්‍රෝන්’ වෛරස් ප‍්‍රභේදයේ ‘ස්පයික් ප්‍රෝටීන්’ ප‍්‍රදේශයේ වෙනස්කම් ගණනාවක් සිදුවීම හේතුවෙන් සිරුරේ නිපදවෙන ප‍්‍රතිදේහවලට එම වෛරස් ප‍්‍රභේදයට එරෙහිව සටන් වැදීම අසීරු වී ඇති බව පෙන්වා දෙන මර්ටන්ස් දැනට පැතිර යන ඩෙල්ටා ප‍්‍රභේදයට එරෙහිව බූස්ටර් එන්නත් මාත‍්‍රාවක් ලබාගෙන ශරීරයේ ප‍්‍රතිශක්තිය වර්ධනය කරගත හැකි බවත් ‘ඔමික්‍රෝන්’ වෛරස් ප‍්‍රභේදයට එරෙහිව ප‍්‍රතිශක්තිකරණයක් ලබා ගැනීම සඳහා එම මාත‍්‍රාව ලබාගෙන මාස කිහිපයක් ගත වූ පසු නැවත පූර්ණ කොරෝනා එන්නත් මාත‍්‍රාවන් ලබා ගැනීමට ජනතාවට සිදු වනු ඇති බව සඳහන් කර ඇත. මේ අතර ධුරයෙන් ඉවත්ව යන ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මර්කල් ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ හැකි ඉක්මනින් කොරෝනා එන්නත් ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි. මේ වන විට ජර්මනියෙන් දිනකට කොරෝනා ආසාදිතයන් 60,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වේ.

 සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment