ඔමික්‍රෝන් හඳුනාගන්න

548

කොවිඞ් 19 වෛරසයේ නව ප‍්‍රභේදය වන ඔමික්‍රෝන් (B1.1. 529) ඉතා වේගයෙන් ලොව පුරා පැතිර යන්නට පටන්ගෙන ඇත. මේ වනවිට රටවල් 38 ක පැතිර ඇති මෙහි ආසාදිතයෙක් ශ‍්‍රී ලංකාවෙනුත් හඳුනාගෙන ඇත.

 මෙහි රෝග ලක්‍ෂණ ලෙස දින දෙකක් පමණ පවතින ඇ`ගපත වේදනාව, තෙහෙට්ටුව සහ සුළු කැස්සක් පවතින බව මේ දක්වා හමු වූ රෝගීන්ගේ රෝග ලක්‍ෂණ අනුව හඳුනාගෙන තිබේ.

 කොවිඞ් 19 වෛරසයේ සෙසු ප‍්‍රභේදවලදී මෙන් රස සහ ගඳ සුවඳ නොදැනීමේ රෝග ලක්‍ෂණ මතු නොවන බව වාර්තා වේ.

 ඉතා සුළු අපහසුතා මතුවන මෙම ඔමික්‍රෝන් ප‍්‍රභේදයට මුහුණදීම සඳහා කොවිඞ් මර්දන එන්නත් දෙක සහ අධිමාත‍්‍රා එන්නත හෙවත් බූස්ටර් එන්නත ලබා ගැනීමට සියලූ දෙනා අවධානය යොමු කළ යුතු බව වෛiවරු පවසති.

 දකුණු අප‍්‍රිකානු රටවල මෙම ප‍්‍රභේදය ශීඝ‍්‍රව පැතිරයෑමට හේතු වී ඇත්තේ එම රටවල බහුතරයකට කොවිඞ් මර්දන එන්නත ලබාදීම ඉතා පහළ මට්ටමක පවතින නිසා බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. දකුණු අප‍්‍රිකානු කලාපයේ රටවල කොරෝනා මර්දන එන්නත් මාත‍්‍රා දෙකම ලබාදුන් පිරිස සියයට 7% ක් පමණ වේ.

 සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment