‘‘ඔමික්‍රෝන්’’ හේතුවෙන් හොංකොං රාජ්‍යයෙන් රටවල් 08කට ගුවන් තහනමක්

270

චීනය මගින් පාලනය වන හොංකොං රාජ්‍යය ‘ඔමික්‍රෝන්’ කොරෝනා වෛරස් ප‍්‍රභේදය ශීඝ‍්‍රයෙන් පැතිරෙන රටවල් 8 ක සිට සිය රටට ගුවන් යානා පැමිණීම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ. මේ අනුව ඔස්ටේ‍්‍රලියාව, කැනඩාව, ප‍්‍රංශය, ඉන්දියාව, පකිස්ථානය, පිලිපීනය, එංගලන්තය හා එක්සත් ජනපදය යන රටවල සිට හොංකොං රාජ්‍යය වෙත ගුවන් යානා පැමිණීම පෙරේදා (05දා) සිට ක‍්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.

ඉහත සඳහන් රටවල සිට හොංකොං රාජ්‍ය වෙත පැමිණෙන ගුවන් යානාවලට අමතරව එම රටවල නැවතී සිටින කිසිවකුට නැවත දැනුම් තුරු වෙනත් රටක් හරහා හෝ සිය රට පැමිණීම තහනම් කර ඇති බව හොංකොං රාජ්‍යය නිවේදනය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment