ඔය පැතිර යන කටකතාව බොරු එහෙම දෙයක් නැහැ – උදාරි වර්ණකුලසූරිය

370

මගේ රංගන ජීවිතයේ පියා ජැක්සන් මහත්මයයි
අධිරාජ්‍යයා නැතිව පුරම්බිකාව ක්ෂීර සාගරය කළඹයි

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ක්ෂීර සාගරය කැලඹිණ සිනමා නිර්මාණය හරහා මේ දිනවල උදාරි වර්ණකුලසූරිය අපට මුණ ගැසෙනවා. හැමෝම දන්න උදාරි ගැන වැඩිය හඳුන්වාදීම අවැසි නැති නිසාම අපි කෙළින්ම උදාරි සමග කතාබහට එළැඹුණා.

ඔය පැතිර යන කටකතාව බොරු එහෙම දෙයක් නැහැ - උදාරි වර්ණකුලසූරිය

ක්ෂීර සාගරය කැලඹිණ පුරම්බිකාව ගැන මොකද හිතන්නේ?

මුලින්ම මම ස්තුතිවන්ත වෙන්න ඕනෑ මා ගැන විශ්වාසය තියලා මේ චරිතය මට ලබා දුන්නාට. ඒ වගේම ජැක්සන් ඇන්තනී මහත්මයාටත් ස්තුතිවන්ත වෙන්න ඕනෑ” මොකද ඔවුන් දෙදෙනා එකතුවෙලයි මාව මේ චරිතයට තෝරා ගත්තේ. මම හිතනවා මම මේ චරිතයට සාධාරණයක් ඉෂ්ට කළා කියලා.

ඔය පැතිර යන කටකතාව බොරු එහෙම දෙයක් නැහැ - උදාරි වර්ණකුලසූරිය

අධිරාජ්‍යයා නැතිවම පුරම්බිකාවට චිත්‍රපටය නරඹන්න වුණා නේද?

මට දුකයි හදවතින්ම පුදුමාකාර වේදනාවකින් ඉන්නේ” ජැක්සන් ඇන්තනී මහත්මයාට වුණු දේ ගැන. අධිරාජ්‍යයා නැතිව පුරම්බිකාවට චිත්‍රපටය එළිදැක්වීමට යෑමට සිද්ධවීම ගැන ඇත්තටම දුකයි. පෞද්ගලික වශයෙන් මගේ රංගන ජීවිතයේ පියා තමයි ජැක්සන් ඇන්තනී මහත්මයා. ඔහු ‘එකගෙයි සොකරි. චිත්‍රපටයට මාව තෝරාගෙන මට දුන්නු වටිනාකමට පස්සෙ තමයි මේ චිත්‍රපට රැසම මට ලැබුණේ. අතිදැවැන්ත අධ්‍යක්‍ෂවරු සියලු දෙනාම මා ගැන විශ්වාස කරලා මට චිත්‍රපට ලබාදුන්නේ ඊට පසුවයි. රඟපෑම හරි විදියට කියල දුන්නේ ජැක්සන් ඇන්තනී මහත්මයා. මගේ ගුරුපියා නැතිව මේ චිත්‍රපටයට යන්න වීම ගැන මම හරි දුකෙන් ඉන්නේ.

තව චිත්‍රපට කීයක් තිරගත වෙන්න තියෙනවාද?

මගේ චිත්‍රපට අටක් පෝලිමේ තිබෙනවා. දැන් දෙවැනි යුද්ධය සහ ක්ෂීර සාගරය කැලඹිණ චිත්‍රපට දෙක තිරගත කිරීම ආරම්භ කළා. මිදුණු විශ්වය ලබන මාසයේ තිරගත කිරීම ආරම්භ කරනවා.

සරත් වීරසේකර මහත්මයාගේ ශ්‍රී සිද්ධාර්ථ” සංජීව පුෂ්පකුමාරගේ ආසු” ජැක්සන් ඇන්තනී මහත්මයාගේ එකගෙයි සොකරි” ඔහුගේම දේවි සම්බුලා සිංහල චිත්‍රපටය සහ සම්බුලා ඉංග්‍රීසි චිත්‍රපටය යන චිත්‍රපට පහ තිරගත වීමට නියමිතයි.

ඔය පැතිර යන කටකතාව බොරු එහෙම දෙයක් නැහැ - උදාරි වර්ණකුලසූරිය

දැන් ටෙලි නාට්‍ය භාර ගන්නේ අඩුවෙන්ද?

ඒක තාවකාලිකයි. මම පුංචි තිරයත්” රිදී තිරයත් කියලා කෙණහිලිකමක් කරන්නේ නැහැ. මම මගේ ප්‍රේක්‍ෂකයන්ට හරිම ආදරෙයි. පායා එන්න හිරුසේ චිත්‍රපටයෙන් සිනමා නිළියක් විදිහට මම ප්‍රේක්‍ෂකයන් ඉදිරියට අවට මාව ප්‍රේක්‍ෂකයන් වැඩිපුරම අඳුර ගත්තේ බොඳමීදුම් ටෙලි නාට්‍යයෙන්. ඉතිං මට පුංචි තිරයට කෙණහිලිකම් කරන්න පුළුවන්කමක් නැහැ. හැබැයි චිත්‍රපට ටික තිරගත කරනකම් තාවකාලිකව ටෙලිනාට්‍ය අඩුවෙන් භාර ගන්නේ.

ඇයි එහෙම කරන්නේ?

හැම වෙලේම පුංචි තිරයේ ප්‍රේක්‍ෂකයන් ඉදිරියේ පෙනෙන්න හිටියොත් අගය නැති වෙනවා කියලත් කතාවක් තියෙනවානේ. ටිකට් පතක් අරගෙන මාව බලන්නම ඕනෑ හින්දා චිත්‍රපටයත් බලන්න එයි කියන විශ්වාසය නැතිවේවි කියලා හිතෙනවා. ඒක හින්දා තාවකාලිකව ටෙලි නාට්‍යවලින් පෙනී ඉන්නවා අඩුයි. හැබැයි ටෙලි නාට්‍යවලින් සමුගෙන නැහැ.

ඇත්තටම ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙනවාද?

පැහැදිලිවම මට ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙනවා නොලැබෙනවා නෙමෙයි.

කට්ටිය කියන්නේ උදාරි ටෙලි නාට්‍යවල රඟපාන්නේ නැහැ කියලා.

ඒ කතාව බොරුවක්. ගොඩක් ටෙලි නාට්‍ය නිෂ්පාදක මණ්ඩල හිතාගෙන ඉන්නේ මම ටෙලි නාට්‍යවල රඟපාන්නේ නැහැ කියලයි. ඒ කතාව බොරු. මම ටෙලි නාට්‍යවල රඟපානවා.

මේ පැතිර යන කටකතාව බොරුවක්ද?

ඔය පැතිර යන කටකතාව බොරුවක්. මම ටෙලි නාට්‍යවල රඟපානවා. එහෙම දෙයක් නැහැ. ඇත්තටම පසුගිය කාලයේ මට ටෙලි නාට්‍යවල රඟපාන්න කාලය කළමනාකරණය කරගන්න බැරිවුණා. මොකද චිත්‍රපට එකදිගට රූගත කිරීම් සිදුකරපු නිසා” ටෙලි නාට්‍යවලට දින ලබාදීමට නොහැකි වුණා. නැතිව ටෙලි නාට්‍ය භාර නොගන්නවාම නෙමෙයි පිටපත හොඳට කියවලා බලලා මට ඒ චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් කියලා හිතෙන හැම චරිතයක්ම භාර ගන්නවා.

ලැබෙන ආරාධනා එපා කියපු අවස්ථා තිබුණාද?

එපා කියපු අවස්ථා තිබුණා මොකද දීර්ඝ ටෙලි නාට්‍යවලට තමයි මට ආරාධනා ලැබුණේ. හැබැයි මට දිගුකාලීනව ඒවත් එක්ක සම්බන්ධ වෙන්න අමාරුයි. මගේ දුව විදෙස්ගත වෙලා අධ්‍යාපනය හදාරනවා. එයාට තවම අවුරුදු එකොළහයි. දුව තවම අම්මාගේ ආදරය හොයන කාලයනේ. ඉතිං මට හැම වෙලේම විදෙස්ගත වෙන්න වෙනවා. එතකොට මට හිතෙනවා මම එහෙම වැඩක් භාර ගත්තොත් ඒ වැඩේට අසාධාරණයක් සිද්ධ වේවි කියලා ෂෝට් එපිසෝඩ් භාර ගන්නවා. මෙගා ටෙලි නාට්‍ය තවම භාර ගන්නේ නෑ.

දැන් වැඩිපුර කැමති ජනප්‍රිය නිළියගේ සම්මානය අතට ගැනීමටද? නැත්නම් හොඳම නිළියගේ සම්මානය අතට ගැනීමටද?

ඕනෑම කලාකරුවෙක්” කලාකාරිනියක් ජනප්‍රිය වගේම හොඳම සම්මානය ගන්නත් ආසයි. හැබැයි අපි විශ්වාස කරන්නේ වෘත්තීයමය වශයෙන් තමන් අතිදක්‍ෂ වෙන්නනේ. ඕනෑම වෘත්තියකදී අපි කැමති හොඳම තැන ගන්නනේ. මම කලාකාරිනියක් හැටියට ජනප්‍රියම සම්මානයට ආසා කරනවා වගේම ඇගයීම” වටිනාකම දැනෙන හොඳම නිළිය සම්මානයටත් ආදරෙයි.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment