ඔලිම්පික් උළෙලේදී මංෆීට් සිං සහ මේරි කොම්ට උසස්වීමක්

186

2019 වසරේ ලොව විශිෂ්ටතම හොකී ක‍්‍රීඩකයා ලෙස සම්මාන ලැබූ මංෆීට් සිං සිදු සහ සය වතාවක් ලෝක බොක්සිං ශූරතාව මෙන්ම ඔලිම්පික් පදක්කම් ලාභීනියකද වන මේරි කොම් මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා සමාරම්භක උළෙලේ දී ඉන්දීය ජාතික ධජය ඔසවන්නට තෝරාගෙන තිබේ.

අන්තර්ජාතික හොකී ශේණිගත කිරීම් අනුව ඉන්දියාව සිව් වන ස්ථානයේ පසුවන අතර එහි නායකත්වය 2017 වසරේ සිට මංෆීට් සිං සිදු හොබවයි . ෆ්ලයි වේට් පන්තිය නියෝජනය කරමින් ලොව බොක්සිං ක‍්‍රීඩිකාවන් අතරේ ඉහළම නමක් දිනා සිටින මේරී කොම් මෙවර ඉන්දීය පදක්කම් බලාපොරොත්තුවකි.

අන්තර් ජාතික තරග 242 කට සහභාගී වී ඇති 29 හැවිරිදි මන් ෆීට් සිං සිදු වාර්තා කර ගෙන ඇති ගෝල් සංඛ්‍යාව 19කි. එමෙන්ම 38 හැවිරිදි වියේ පසුවන මේරී කොම් ඉහළම ඉන්දීය සම්මාන රැුසකින් පිදුම් ලබා ඇති ක‍්‍රීඩිකාවක් වන අතර ඇය ලබාගෙන ඇති පදක්කම් ප‍්‍රමාණයද විශාලය

– අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment