ඔලිම්පික් කණ්ඩායමෙන් නෙරපූ බෙලරූස් ක‍්‍රීඩිකාවට පෝලන්තයේ රැකවරණය

311

ජපානයේ ටෝකියෝ නගරයේ පැවැත්වෙන ඔලිම්පික් තරඟාවලියට සහභාගී වෙමින් සිටින බෙලරූස් ක‍්‍රීඩා කණ්ඩායමේ ක‍්‍රීඩිකා ක‍්‍රිස්ටිනා ටීමනොව්ස්කයා සිය කණ්ඩායමේ පුහුණුකරුවන් විවේචනය කිරීමේ චෝදනාව මත බලහත්කාරයෙන් නැවත සිය රටට පිටත් කර හැරීමට කණ්ඩායමේ බලධාරීන් විසින් ගත් ප‍්‍රයත්නයක් ජපන් බලධාරීන් විසින් ව්‍යර්ථ කර තිබේ.මෙහිදී සිය කණ්ඩායමේ පුහුණුකරුවන් ප‍්‍රසිද්ධියේ විවේචනය කිරීමේ වරදට 24 හැවිරිදි වියෙහි පසුවන ක‍්‍රිස්ටිනාව කණ්ඩායමෙන් නෙරපා හැර ඔලිම්පික් තරඟාවලිය නිම වීමටත් පෙරම නැවත බෙලරූස් වෙත යැවීම සඳහා කණ්ඩායමේ බලධාරීන් විසින් ඇයව බලහත්කාරයෙන් ගුවන් තොටුපලට රැුගෙන ගොස් තිබේ.

 කෙසේ වුවද බෙලරුස් ක‍්‍රීඩා කණ්ඩායමේ බලධාරීන්ගේ ග‍්‍රහණයෙන් මුදා ගැනීමෙන් පසු ජපන් පොලිසියේ දැඩි ආරක්‍ෂාව මැද හෝටලයක රඳවා සිටි ක‍්‍රිස්ටිනා හට ඊයේ (02දා) මානුෂීය පදනම මත පෝලන්තයට යාමට විසා නිකුත් කිරීමට ටෝකියෝ නගරයේ ඇති පෝලන්ත තානාපති කාර්යාලය විසින් පියවර ගෙන තිබේ.මේ පිළිබඳව අදහස් දක්වා ඇති පෝලන්ත නියෝජ්‍ය විදේශ ඇමති මාර්සින් පිර්සිඩෑක්ස් පවසා ඇත්තේ ක‍්‍රිස්ටිනාට සිය ඉදිරි ක‍්‍රීඩා දිවිය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සැම සහයක්ම ලබා දීමට පෝලන්ත රජය කටයුතු කරන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment