ඔලිම්පික් තරගාවලියක පළමු ශී‍්‍ර ලංකා බොක්සිං තරග තීරකවරිය නෙල්කා

248

ශී‍්‍ර ලංකා ඉතිහාසයේ පළමු වරට ඔලිම්පික් තරගාවලියක බොක්සිං තරග තීරක හා විනිසුරුවරියක් ලෙස ශී‍්‍ර ලංකා පොලිසිය නියෝජනය කරන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරියක් වන ටී. නෙල්කා ශිරෝමාලි නිලධාරිනිය තෝරාගෙන ඇත.
 
 මෙම නිලධාරිනිය ගාල්ල රිපන් බාලිකා විiාලයෙන් අධ්‍යාපනය ලබා 1997 වර්ෂයේ ආධුනික කාන්තා උප පොලිස් පරීක්‍ෂකවරියක් ලෙස පොලිස් සේවයට එක්වී 2001 වර්ෂයේ පොලිස් කී‍්‍රඩා සමාජය නියෝජනය කරමින් ජාතික තරගාවලියකට සහභාගි වූ පළමු පොලිස් කාන්තා බොක්සිං කී‍්‍රඩිකාව ද වේ. 2009 වර්ෂයේ පළමු වරට ශී‍්‍ර ලාංකික කාන්තාවන් සඳහා වූ බොක්සිං තරග තීරක වශයෙන් 2011 වර්ෂයේ පළමු පෙළ ජාත්‍යන්තර බොක්සිං තරග විනිසුරුවරියක් වශයෙන් උසස්වීම් ලබා ඇති ඇය 2011 වර්ෂයේ ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලියක් විනිශ්චය කළ පළමු කාන්තා බොක්සිං විනිසුරුවරිය ලෙස ඉතිහාසගත වී ඇත.
 
 කාන්තා ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නෙල්කා ශිරෝමාලි නිලධාරිනිය මේ වනවිට ලෝක ශූරතා බොක්සිං තරගාවලිය, ලෝක ශූරතා කාන්තා බොක්සිං තරගාවලිය සහ යොවුන් කාන්තා සහ පිරිමි ලෝක ශූරතා බොක්සිං තරගාවලිය විනිශ්චය සඳහා සහභාගි වූ ප‍්‍රථම කාන්තා නියෝජනය ද වීම විශේෂත්වයකි.
 
 
 චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment