ටෝකියෝ ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා සහභාගිවන ක්රී්රඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් සහ පරිවාර නිලධාරීන්ගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ජාතික ඔලිම්පික් කමිටුව මගින් ප්‍රකාශයට පත්කර ඇත.
එම කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 9ක් වන අතර පුහුණුකරුවන් සහ පරිවාර නිලධාරින් 17 දෙනෙකු ඊට ඇතුළත් වෙති.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වන පිරිස 26 ක් වන අතර ක්‍රීඩා අමාත්‍යාංශය පමණක් ඒ සඳහා රුපියල් කෝටි 04කට ආසන්න මුදලක් වැය කිරීමට නියමිතය.
එමෙන්ම ශ්‍රී ලංකා රජයේ ගෞරවනීය ආරාධිතයන් ලෙස ජූලි 23 වැනිදා පැවැත්වෙන සමාරම්භක උළෙල සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා ද
සහභාගිවීමට නියමිතය.
කෙසේ වෙතත් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය නියෝජනය කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා
සහභාගි වනවා ද නැද්ද යන්න මෙතෙක් ස්ථිරකර නැති බව ද ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා ‘දිවයින’ ට පැවැසීය.
ලබන 23 වැනිදා ආරම්භවන ඔලිම්පික් උළෙල අගෝස්තු 10 වැනිදා නිමාවට පත්වේ. ඔලිම්පික් උළෙලේ සමාරම්භ උත්සවය සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ආරාධිතයන් ලෙස ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජේකෝන් සහ ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා සහභාගී වේ.
ඔලිම්පික් උළෙලට සමගාමීව ටෝකියෝ හිදී පැවැත්වෙන අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ මහා සැසිවාරයට ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් සහ එහි මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා යන මහත්වරු සහභාගී වෙති.
ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නායකත්වය නිලූක කරුණාරත්නට හිමිව ඇත.
කණ්ඩායමේ ප්‍රධානියා ලෙස වසර 10කට ආසන්න කාලයක් ඔලිම්පික් කමිටුවේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ හා හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයකුවූ ගාමිණී ජයසිංහ මහතා පත්කර ඇත.
ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කණ්ඩායම නිලූක කරුණාරත්න (බැඞ්මින්ටන් කේවල පිරිමි, මැටිල්ඩා කාල්සන් (තුරග හරඹ බාධක පැනීම, මිලිකා ගෙහානි (ජිම්නාස්ටික් කාන්ත*, නිමාලි ලියනආරචචි (මීටර් 800 කාන්තා*, සුපුන් අබේකෝන් (මීටර් – 100 පිරිමි*, ටෙහානි එගොඩවෙල (ඉලක්කයට වෙඩි තැබීම* කාන්තා වායු රයිෆල්, මැතිව් අබේසිංහ (පිහිනුම් මීටර් 100 නිදහස් ආර පිරිමි*, අනිකා ගෆූර් (පිහිනුම් මීටර් 100 සමනල ආර – කාන්තා* සහ චාමර ධර්මවර්ධන (ජූඩෝ – කිලේ ග්‍රෑම් 73 බර පන්තිය – පිරිමි*
පුහුණුකරුවන් සහ පරිවාර නිලධාරින් ගාමිණි ජයසිංහ (කණ්ඩායම් ප්‍රධානි* වින්ග්
කොමදෝරු චන්දන ලියනගේ (මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි*, වෛi හිමාන් ද සිල්වා (කොවිඞ් මෙහෙයුම් බලලත් නිලධාරි*, හංසිකා විජයගුණසේකර (පරිපාලන සම්බන්ධීකරණ නිලධාරි*, දිනුක කරුණාරත්න (බැඞ්මින්ටන් පුහුණුකරු සහ ක්‍රීඩකයාගේ සහාය අභ්‍යාසක* ප්‍රදීප් එදිරිසිංහ (ඉලක්කයට වෙඩි තැබීමේ පුහුණුකරු*, මනෝජ් අබේසිංහ (පිහිනුම් පුහුණුකරු*, රංජන තරංග (ජිම්නාස්ටික් පුහුණුකරු*, කපිල ජීවන්ත (ජිම්නාස්ටික් කළමණාකරු*, සුරංජිත් පේ‍්‍රමදාස (තුරග හරඹ බාධක පැන්නීම් කළමණාකරු*, සෙඞ්රික් ජැකී ලිලියන් (පශු වෛiවරයා* ඇනී මුචලර් (බලලත් අභ්‍යාසක*, නිකෝලයි බොරිසොව් (අසරුවා භාර සේවක*, මැක්හාර්ඞ් වොන් (සහායක නිලධාරි*, අමල් රත්නායක (ජූඩෝ පුහුණුකරු, ක්ලෝඩියෝ ලිස්රියඩෙල්ලෝ (පුහුණුකරු – පිරිමි මීටර් 100* සුජිත් අබේසේකර පුහුණුකරු (මීටර් 800 කාන්තා*
කුෂාන් සුබසිංහ