ඔලිම්පික් යන නිමාලිට දකුණු ආණ්ඩුකාරගෙන් මුදල් පරිත්‍යාගයක්

250

ලබන 23 වන දින ආරම්භ වන ඔලිම්පික් ජාත්‍යන්තර කී‍්‍රඩා තරගාවලියේ මීටර් 800 ඉසව්වට සුදුසුකම් ලබා සිටින සූරියවැව නිමාලි ලියනආරච්චි කී‍්‍රඩිකාවට සහ ඇයගේ පුහුණුකරුට දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා විසින් මුදල් පරිත්‍යාගයක් සිදු කරන ලදි.

මෙම අවස්ථාවට සූම් තාක්ෂණය ඔස්සේ නිමාලි සහ ඇයගේ පුහුණුකරු එක්ව සිටි අතර එහිදී ආණ්ඩුකාර විලී ගමගේ මහතා පැවසුවේ දකුණු පළාතට මෙන්ම මුළු රටටම කීර්තියක් ලබාදීමට උත්සාහ කරන නිමාලි ලියනාරච්චි කී‍්‍රඩිකාවට රුපියල් ලක්ෂයක්ද ඇයගේ පුහුණුකරු වන සුජිත් අබේසේකර මහතාට රුපියල් පනස් දහසක්ද ලබා දීමට තීරණය කළ බවයි.

ඇයගේ කී‍්‍රඩා ජීවිතය සාර්ථකවී ඔලිම්පික් රන් පදක්කමක් ගෙන ඒමට හැකිවේවායි ප‍්‍රාර්ථනා කළ ආණ්ඩුකාරවරයා ඉදිරියටත් කී‍්‍රඩාව වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම කරන බවද කියා සිටියේය.

ඡුායාරූපයෙන් දැක්වෙන්නේ නිමාලි ක‍්‍රීඩිකාවට සහ ඇයගේ පුහුණුකරුට ලබාදීම සඳහා රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදල ආණ්ඩුකාරයා විසින් දකුණු පළාත් කී‍්‍රඩා අධ්‍යක්ෂිකා එරන්දි උමංගා මෙන්ඩිස් මහත්මියට බාරදුන් අයුරු.

අහංගම – සුගතපාල දීයගහගේ, වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment