ඔලිම්පික් වේගවත්ම ක‍්‍රීඩිකාව පරදා – ෆ්‍රෙසර් ෆ‍්‍රයිස් ලොව තෙවැනියා වෙයි

236

ඔලිම්පික් රන් පදක්කම් ලාභී ජැමෙයිකාවේ තොම්සන් හේරා දෙවැනි තැනට පත්කරමින් මීටර් 100 ලොව වේගවත්ම තෙවැනි හොඳම කාලය වාර්තා කිරීමට ජැමෙයිකාවේ ශෙලී ෆ්‍රෙසර් ෆ‍්‍රයිස් පෙරේදා සමත්වූවාය.

ඩයමන්ඞ් ලීග් තරගාවලිය යටතේ පැවති මීටර් 100 කාන්තා ධාවන ඉසව්වෙන් ෆ්‍රෙසර් ෆ‍්‍රයිස් ප‍්‍රදර්ශනය කළ තත්පර 10.60 දක්ෂතාවය ලෝක ඉතිහාසයේ ක‍්‍රීඩිකාවක් මීටර් 100 ධාවන ඉසව්වෙන් වාර්තා කළ ලොව හොඳම තෙවැනි කාලය වේ.

එම සටහනේ ඉදිරියෙන්ම සිටින ෆ්ලෝරන්ස් ග‍්‍රිෆිත් තත්පර 10.49 ක් ද , තොම්සන් හේරා තප්පර 10.54ක්ද වාර්තා කර ඇත.

පසුගිය ටෝකියෝ ඔලිම්පික් උළලේ දී තොම්සන් හේරාට දෙවැනි වෙමින් එහිදී රිදී පදක්කම දිනාගත් ෆ්‍රෙසර් ෆ‍්‍රයිස් මෙම තරඟයේදී තොම්සන් හේරාව දෙවැනි තැනට පත්කරමින් රන් පදක්කම දිනා ගත්තාය.

ඔලිම්පික් උළෙලේ ලෝකඩ පදක්කම දිනාගත් ජැමෙයිකාවේම ශෙරික් ජැක්සන් මෙම තරඟයේදීද ලෝකඩ පදක්කම දිනා ගත්තාය. තරඟයෙන් අනතුරුව ෆ්‍රෙසර් ෆ‍්‍රයිස් ප‍්‍රකාශ කළේ මෙය තමාගේ

වේගවත්ම කාලය නොවන බවත් තමාට මීටත් වඩා හයියෙන් දිවීමට පුළුවන් බවට විශ්වාස බවත්ය. 34 හැවිරිදි වියේ පසුවන ෆ‍්‍රයිස් තවදුරටත් ප‍්‍රකාශ කළේ තමාගේ ඉලක්කය 10.50 කාලයට ඇතුළත්වීම බවය.

advertistmentadvertistment
advertistmentadvertistment