ඔලිම්පික් සඳහා සුදුස්සන් තෝරන අවසන් දේශීය පරීක්ෂණය 30 වැනිදා

250

ජාතික ජ්‍යෙෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ විශිෂ්ටයෝ තරග බිමට

මෙම වසරේ ප්‍රංශයේ පැරිස් අගනුවර දී පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පරිසාධන මට්ටම පිරික්සීමේ තරගයක් ලෙස ශ්‍රී ලංකා ජාතික විවෘත මලල ක්‍රීඩා අදියර 2 මෙම මස 30 දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය තීරණය කර ඇත.

තෝරා ගත් ඉසව් කිහිපයක් වෙනුවෙන් මෙම විශේෂ පරීක්ෂණය ක්‍රියාත්මක කෙරෙන අතර එය තම තරග දින දර්ශනයට ඇතුළත් කිරීමට අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලනය පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.

ඔලිම්පික් සඳහා සුදුස්සන් තෝරන අවසන් දේශීය පරීක්ෂණය 30 වැනිදා

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට මලල ක්‍රීඩක ක්‍රීඩීකාවන් තෝරා ගැනීම ජූනි 30 දක්වා සිදු කිරීමට අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලනය සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව ඉකුත් මැයි මස 17 දින ශ්‍රී ලංකා මලල ක්‍රීඩා විධායක සභාව ගත් තීරණයකට අනුව යමින් මෙම ජාතික විවෘත විශේෂ පරීක්ෂණය සංවිධානය කර තිබේ.

මීටර් 100, මීටර් 400 සහ හෙල්ල විසිකිරීම යන ඉසව් ත්‍රිත්වය ක්‍රීඩකයින් වෙනුවෙන් පැවැත්වෙන අතර ක්‍රීඩිකාවන් වෙනුවෙන් මීටර් 400, මීටර් 800, මීටර් 1500 සහ හෙල්ල විසිකිරීම යන ඉසව් ක්‍රියාත්මක කෙරේ.

ජූනි 25,26,27 දිනවල පැවැත්වෙන 102 වැනි ජාතික ජ්‍යෙෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී ඉහළම දක්ෂතා ප්‍රදර්ශනය කරමින් පළමු ස්ථාන 08 හිමි කර ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් මෙම තෝරා ගැනීමේ පරීක්ෂණය සඳහා කැඳවීමට සංවිධායකයින් වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය බලාපොරොත්තු වේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment