ඔව්…  මම ආනන්ද අතුකෝරළගේ දුව ‘ඉෂි ‘

693

වේදිකා” සිනමා හා ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පියකු වන ආනන්ද අතුකෝරළ ගේ එකම දියණිය වන්නේ ඉෂාරා අතුකෝරළය. ඇය මේ දිනවල බොහෝ දෙනා අතර ජනප්‍රිය වී සිටින්නේ පාර දිගේ ටෙලි නාට්‍යයේ සචිනිගේ චරිතය හරහායි. ඊට අමතරව ඉෂාරා” කොෆි ස්ටූඩියෝ සහ හද රැඳි පැයේ නිවේදිකාවක් ලෙසත් කටයුතු කරනවා. ඇත්තටම ඇයට මේ ආරාධනා ලැබෙන්නේ තාත්තා ආනන්ද අතුකෝරාල වීම නිසාම ද? අප ඉෂාරාගෙන්ම ඒ කතාව අහලා බැලුවා.


 ● ඔබව ගොඩක් දෙනෙක් දන්නේ ‘ඉෂි. කිව්වහම නේද?

 ඔව්” මම ස්වර්ණවාහිනියේ කොෆි ස්ටුඩියෝ විත් මුදිත ඇන්ඩ් ඉෂි ප්‍රෝගෑම් එක කරනවා. එනිසා ගොඩක් දෙනෙක් දන්නේ ඉෂි කිව්වහම තමයි.

 ● ඉෂාරා කැමැති මොන නමටද?

 මම සාමාන්‍යයෙන් නම් දෙකම කියනවාට කැමැතියි. ගොඩක් දෙනෙක් ඉෂි කියලා දන්නවා. තවත් සමහරු ඉෂාරා කියලා දන්නවා.

 ● ඉෂි පාසල් ගියේ

 මුලින්ම මම නාත්තන්ඩිය ධම්මිස්සර පාසලට ගියේ. ඒ කාලේ අපි හිටියේ නාත්තන්ඩියේ. ඊට පස්සේ මාලබේ රාහුල මහා විද්‍යාලයට. අන්තිමට මම ඉගෙන ගත්තේ නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ.

 ● ඔබ උපාධිධාරිනියක්

 ඔව්” මට මානව සම්පත් කළමනාකාරණය පිළිබඳ උපාධියක් තිබෙනවා. ඒත් එක්කම ව්‍යාපාර කළමනාකාරණ උපාධියක් හදාරමින් සිටිනවා.

ඔව්...  මම ආනන්ද අතුකෝරළගේ දුව ‘ඉෂි '



 ● ඉෂි කැමැති ක්‍ෂේත්‍රය?

 මම ඇත්තටම කලා ක්‍ෂේත්‍රයට ගොඩක් කැමැතියි. පුංචි කාලේ ඉදන් දැකලා තියෙනවා. ඒ කැමැති නිසාමයි නිවේදනයටත් එන්න අවස්ථාව ලැබුණේ. නිවේදනය වගේම රඟපෑමටත් කැමැතියි. ව්‍යාපාර ක්‍ෂේත්‍රයටත් ආසයි.

 ● සචිනිට ලැබෙන ප්‍රතිචාර?

 පාර දිගේ කියන්නේ මම ගොඩක් ආසාවෙන් නරඹපු ටෙලිනාට්‍යයක්. මොකද තාත්තත් ඒකෙ රඟපානවා. ස්වර්ණවාහිනියෙ කොෆි ස්ටුඩියෝ විත් මුදිත ඇන්ඩ් ඉෂි වැඩසටහනට දවසක් සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්තයා ආවා. එතැනදී මාව දැකලා තාත්තාගේ දුව කියලා අඳුරගෙන රඟපාන්න කැමැති ද කියලා ඇහැව්වා. ඊට පස්සෙ මම කිව්වා අවස්ථාවක් ලැබුණොත් රඟපානවා කියලා. මමත් හිනාවෙලා උත්තර දුන්නා. ඊට පස්සෙ තමයි මට මේ අවස්ථාව ලැබුණේ.

 ●තාත්තත් ටෙලිනාට්‍යයේ වැඩකරන නිසා නෙමෙයිද?

 නැහැ. මම එහෙම හිතන්නේ නැහැ. තාත්තා වසර ගණනාවක් ක්‍ෂේත්‍රයේ සිටින කෙනෙක්. තාත්තා නිසා මට අවස්ථාව ලැබුණා නම් මම මීට කලින් රඟපෑමට ඇවිල්ලා. හැබැයි මට ෆ්ලස් පොයින්ට් එකක් තියෙනවා. තාත්තව ගොඩක් දෙනෙක් අඳුරනවා. තාත්තයි” සද්ධා සරුයි හොඳ යාළුවෝ. ටිකක් හරි රඟපාන්න පුළුවන්ද කියලා බලලයි මාව ගත්තේ.

 ●තාත්තයි දුවයි එකම ටෙලියේ වැඩ?

 ඇත්තටම ගොඩක් සතුටුයි. පාරදිගේ කියන්නේ ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍යය. ඉතිං ඒ වගේ ටෙලි නාට්‍යයක මට චරිතයක් ලැබීම ගැන ඇත්තටම සතුටුයි. ඒ වගේම තාත්තා ඉන්නේ බන්ටිගේ තාත්තට. ප්‍රධාන චරිතයකට.

 ●තාත්තා දුවගේ අඩුපාඩු කියන්නේ නැතිද?

 සාමාන්‍යයෙන් තාත්තා මට කියල දෙනවා. තාත්තා මම රඟපාන්න යන්න කලින් මූලික කරුණු ටික කියල දුන්නා. ඒ ඇරෙන්න අදටත් මගේ දර්ශනයක් විකාශනය වුණහම කියනවා ‘තාත්තේ බලලා අඩුපාඩු කියන්න. කියලා. එයා කියන්නේ මගේම දෙයක් හදාගන්න සහ මට ඉගෙන ගන්න කියලා.

 ● ‘ඉෂි ත් සචිනි මගේම ද?

 නැහැ. සචිනි කියන්නේ නපුරු චරිතයක් කියලයි මට හිතෙන්නේ. තමන්ගේ යාළුවා වුණත් අගාධයට යද්දී ඒකටත් උදව් කරන චරිතයක්. මම එහෙම නැහැ.

 ● එහෙනම් ‘ඉෂි මොන වගේද?

 මම සාමාන්‍යයෙන් ටිකක් නිශ්ශබ්දයි. නිවේදිකාවක් විදිහට වැඩ කළාට එහෙම ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. නපුරු කමත් ටිකක් තියෙනවා” නැතිවත් නෙමෙයි. මගේ වැඩේ කරගෙන මගේ පාඩුවේ ඉන්න චරිතයක්.

 ● නීල පබළු වලටත්ආ රාධනාවක් ලැබුණා නේද?

 ඔව්. නීල පබළු ටෙලි නාට්‍යයටත් ආරාධනාවක් ලැබුණා ඒකෙත් චරිතයක් කරනවා.

 ● දිගටම රඟපානවාද?

 රඟපෑම කියන දේ ලොකුවට ඉගෙනගෙන ආපු කෙනෙක් නෙමෙයි මම. තවම මේක ඉගෙන ගන්න මට්ටමේ ඉන්නේ. ඒකත් එක්ක මට රඟපාන්න පුළුවන් හොද චරිතයක් හම්බවුණොත් අනිවාර්යයෙන්ම භාරගෙන කරනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ.

 ● පුද්ගලික ජීවිතය ගෙවීගෙන යන්නේ?

 රූපලාවන්‍ය ක්‍ෂේත්‍රයේ කළමනාකාරවරියක් විදිහට අවුරුදු තුනක් මම වැඩ කළා. ඒකත් එක්කම තමයි නිවේදන කටයුතු සිදුකරන්නෙ. ඒ ඇරෙන්න වෙන විශේෂ දෙයක් නැහැ.

 ● නිවේදිකාවට ලැබෙන ප්‍රතිචාර?

 ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා පුංචි කාලෙ ඉඳලා තිබුණ හීනයක් තමයි සැබෑ වුණේ.

 ● ‘ඉෂි. විවාහකයි නේද?

 ඔව්” මම විවාහකයි.

 ● මහත්තයා රඟපානවාට කැමැතිද?

 ඔව්” එයාගේ කිසිම අකැමැත්තක් නැහැ. මේ ක්‍ෂේත්‍රය සම්බන්ධව කිසිම අකමැත්තක් නැහැ.

 ● සැමියාගේ රැකියාව?

 සැමියා ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ.


දිනේෂ් විතාන
ඡායාරූපය – ඉෂාර ධනුෂ්ක

advertistmentadvertistment
advertistmentadvertistment