ඔසප්වීමේදී ඇතිවන අධික වේදනාවට වේදනා නාශක පෙති පමණක් ප‍්‍රමාණවත් නැහැ

1945

* බොහෝ කාන්තාවන් මෙම වේදනාවේදී සිදු කරන්නේ වේදනා නාශක ඖෂධ භාවිත කිරීමය. ඉන් සිදුවන්නේ රෝගය දිගු කාලයක් පැවැතීමය
 
 * ලිංගිකව එක්වීමේදී වේදනාවක් හටගනී
 
 * රුධිරය පිටවීමත් සතියකට වැඩි කාලයක් පමණ පවතිනවා
 
 * මෙම රෝග හඳුන්වන්නේ පිළිකාවක් නොවන පිළිකා ලෙසය
 
 * මාසික ඔසප්  වීමේදී වේදනාවක්හට ගනීනම් අධිකව රුධිරය පිටවේ නම් එය වඩාත් සැලකිය යුතු කරුණකි

ඔසප්වීමේදී ඇතිවන අධික වේදනාවට වේදනා නාශක පෙති පමණක් ප‍්‍රමාණවත් නැහැ



 මාස්ශුද්ධිය ළං වනවිට හෝ එය ඇති වූ විට බොහෝ කාන්තාවන්ට වේදනාවක් ඇතිවේ. ඒනිසා එවැනි කාන්තාවන් සිතා සිටින්නේ මාස්ශුද්ධිය ඇති වනවිට වේදනාවක්හට ගැනීම සාමාන්‍ය දෙයක් බවය.

 වෛද්‍යතුමනි, කාන්තාවකට මාස්ශුද්ධිය ඇතිවනවිට වේදනාවක් හට ගන්නවාද?

 නිරෝගී ගර්භාෂයක්, පැලෝපීය නාළ සහ ඩිම්භ කෝෂයක් ඇත්නම් මාසික ඔසප්වීම හෙවත් මාස්ශුද්ධියේදී වේදනාවක් හටගන්නේ නැහැ. එසේම අධිකව රුධිරය පිටවීමක්ද සිදු වෙන්නේ නැහැ. මාසික ඔසප් වීමේදී වේදනාවක්හට ගනීනම් අධිකව රුධිරය පිටවේ නම් එය වඩාත් සැලකිය යුතු කරුණකි.

 වෛද්‍යතුමන,ි එසේ වේදනාවක් සහ අධිකව රුධිරය පිටවීමක් ඇතිවීමට බලපාන හේතු මොනවාද?

 ඒ සඳහා බලපාන බොහෝහේතු තිබෙනවා. ගර්භාෂයේ ගෙඩි, පැලෝපීය නාළවල අවහිරතා ස්ත‍්‍රී හෝමෝන අසමතුලිතතා ආදිය ඒ සඳහා බලපානවා. නමුත් වර්තමානයේ බහුලව දකින හේතුවක් ලෙස එන්ඩොමෙටි‍්‍රයෝසිස් සහ ඇඩිනොමයෝසීස් රෝග තත්ත්ව හඳුනාගෙන තිබෙනවා. මෙවැනි රෝග නිසා ඇතිවන වේදනාවේ විශේෂ ලක්‍ෂණ පවතිනවා. එනම් ඔසප් වීම ආරම්භ වීමට සතියකට පමණ සිට දැඩි වේදනාවන් හට ගන්නවා. එම වේදනාව ඔසප් වීම මතු වූවිට අධික වෙනවා. එය පිහියකින් අනිනවා හා සමානව උදරය දෙසින් මතු වෙනවා. ලිංගිකව එක්වීමේදී වේදනාවක් හටගනී.

 එසේම රුධිරය පිටවීමත් සතියකට වැඩි කාලයක් පමණ පවතිනවා. මෙම වේදනාව ඔසප්වීම අවසන් වී සතියක් පමණ යනතුරු පවතිනවා.

 මෙම රෝගයට බලපාන හේතු නිශ්චිතවම කියන්න බැහැ. දරුවන් ලැබීම පමා වූ කාන්තාවන්ට, දරුවන් නොමැති කාන්තාවන්ට, ජානමය හේතු නිසා පරම්පරාවෙන් පරම්පරාවට යෑම, කැඩිතියම් ලෙඞ් (රසදිය* වැනි බැර ලෝහ වර්ග ශරීර ගතවීම නිසා ආදී විවිධ හේතු මේ සඳහා බලපානවා.

 මෙහිදී සිදුවන්නේ ගර්භාෂයේ අභ්‍යන්තර බිත්තියේ ෙසෙල ස්ථිරය ගර්භාෂයෙන් බාහිරව එනම් යටි බඬේ, ඩිම්භකෝෂ මත බඩවැල් මත තැන්පත වී අසාමාන්‍ය ලෙස වර්ධනය වීමය. මෙය එන්ඩොමෙටි‍්‍රයෝසිස් රෝගය ලෙස හඳුන්වනවා. ඇඩිනොමයෝසිස් රෝගයේදී සිදුවන්නේ ගර්භාෂය ඇතුළත අසාමාන්‍ය ලෙස අභ්‍යන්තර බිත්තියේ ෙසෙල ස්ථිරය වර්ධනය වීමය. බොහෝ කාන්තාවන් මෙම වේදනාවේදී සිදු කරන්නේ වේදනා නාශක ඖෂධ භාවිත කිරීමය. ඉන් සිදුවන්නේ රෝගය දිගු කාලයක් පැවැතීමය. ඒනිසා පළමු අවස්ථාවේදීම නිසි වෛi උපදෙස් ලබා ගැනීමෙන් ඖෂධ මගින් රෝගය පාලනය කළ හැකියි.

 වෛද්‍යතුමනි, මෙමගින් ගර්භාෂයේ පිළිකා ඇතිවිය හැකිද?

 මෙම රෝග හඳුන්වන්නේ පිළිකාවක් නොවන පිළිකා ලෙසය. ඒනිසා මෙමගින් ගර්භාෂ පිළිකා ඇතිවීමේ අවදානමක් නැහැ.

 වෛද්‍යතුමනි, ඒ සඳහා ඇති ප‍්‍රතිකාර මොනවාද?

 මුල් අවස්ථාවේදී උපත් පාලක ඖෂධ ලබාදී රෝගය පාලනය කළ හැකියි. ඊට අමතරව මේ සඳහා වූ ඖෂධ වර්ග තිබෙනවා. සැත්කම් සිදු කිරීම් අවස්ථා මතු වන්නේ දිගු කාලයක් රෝගය පැවැති කාන්තාවන්ටය. ඒනිසා මුල් අවස්ථාවේදීම නිසි ප‍්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගය සුවකර ගැනීම කරගත හැකියි.

 මෙවැනි රෝග පැවැතීම නිසා දරුවන් ලැබීමේ හැකියාව අඩුවේ. ඔසප් චක‍්‍රය අක‍්‍රමවත්වේ.

 වර්තමානයේ මෙම රෝග තරුණ වියේ පසුවන කාන්තාවන් අතරත් දක්නට ලැබෙන නිසා ඔවුන් පළමු අවස්ථාවේදීම ප‍්‍රතිකාර සඳහා යොමුවීමෙන් දරුඵල පවාවීමේ ආදී අපහසුතා මඟහරවාගත හැකියි.

ඔසප්වීමේදී ඇතිවන අධික වේදනාවට වේදනා නාශක පෙති පමණක් ප‍්‍රමාණවත් නැහැ

advertistmentadvertistment
advertistmentadvertistment